තවත් කොවිඩ් මරණ 19ක් – ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා වෙයි

තවත් කොවිඩ් මරණ 19ක් – ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා වෙයි

කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකු‍ගේ මරණ වාර්තා විය. මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර…

කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක්

කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක්

දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම රෝහල් ඉදිකිරීමට අවශ්‍ය පාරිසරික වාර්තා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලින් ඉල්ලා ඇති බවය. කොරෝනා රෝගීන් වෙනුවෙන් අලුතින් ඇඳන් 18,000 ක් සෑදීමට…

ආසාදිතයන් නිවෙස්වල – ඉදිරියේදී රට වසා දැමීමට වුව සිදුවිය හැකියි

ආසාදිතයන් නිවෙස්වල – ඉදිරියේදී රට වසා දැමීමට වුව සිදුවිය හැකියි

කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවෙස් තුළ රඳවා සිටින ප්‍රමාණය ඉහළ යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආසාදිතයන් වැඩිවීම නිසා රෝහල් තුළ ධාරිතාව අවහිර වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. නිවෙස්වල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් රඳවා ඇතැයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්…

පිළියන්දල බරපතළ වන ලකුණු – ආසාදිතයින් තවත් ඉහළට

පිළියන්දල බරපතළ වන ලකුණු – ආසාදිතයින් තවත් ඉහළට

පිළියන්දල ප්‍රදේශයෙන් තවදුරටත් කොවිඩ් -19 රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. ඇය පෙන්වා දෙන්නේ ජනතාවගේ සංචරණය සීමා නොකළහොත් මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් බරපතළ විය හැකි බවය. “විශාල ප්‍රදේශයක් හුදකලා කළොත් පමණයි අපිට අවශ්‍ය පරිදි කලමණාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. පේන්න ඉන්න රෝගීන්…