ගැටලුවලට විසඳුම් සෙවීමට පැලැස්තර
|

ගැටලුවලට විසඳුම් සෙවීමට පැලැස්තර

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු…

ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනයෙන් ඉවත් වෙන ලකුණු

ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනයෙන් ඉවත් වෙන ලකුණු

රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන ද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

දොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව

දොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව

දොස්තර ශාෆි නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය පහත දැක්වේ. එහි ඔහු පවසන්නේ අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදීත්, එකී කාලය සම්බන්ධයෙන් වැටුප් නොගෙවීම පිළිබඳ හේතු දක්වන ලෙසයි….

හැටන් නල්ලතන්නිය නව බස් සේවාවක්

හැටන් නල්ලතන්නිය නව බස් සේවාවක්

මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් නල්ලතන්නිය නව බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ලංගම ඩිපෝ අධිකාරි ජානක කුමාර මහතාගේ උපදෙස් මත හැටන් නල්ලතන්නිය නව බස් සේවාවන් ආරම්භ…

මහින්දේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

මහින්දේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය ජනවාරි 03 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ අද (20) නියෝග කළේය. රිමාන්ඩ් භාරයේ සිටි විත්තිකරුවන් අධිකරණයට ගෙන ඒමකින් තොරව අද (20) උදෑසන මෙම නඩුව යිළි…

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට

ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19) සමත් විය. සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 64 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය. ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට…

ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි

ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි

සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මිලියන 23 ක පමණ ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනය⁣ටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙන ලකුණු

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙන ලකුණු

පසුගියදා වසා දමා තිබී විවෘත කරන්නට යෙදුණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුව ඇති බව ය. පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්‍රමාද වූ බව එම අමාත්‍යාංශය සඳහන්…

GMOA දිස්ත්‍රික්ක කිහිපයක වර්ජනයක් අරඹයි

GMOA දිස්ත්‍රික්ක කිහිපයක වර්ජනයක් අරඹයි

දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (20) උදෑසන 8 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ , මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වර්ජනය ක්‍රියාත්මක බවය. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන…