ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් රජයට දැඩි අවවාද

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් රජයට දැඩි අවවාද

ජනතාවට තම අයිතීන් වෙනවෙන් උද්ඝෝෂණය කිරීමට හිමිකමක් ඇති බවත්, එලෙස සාමාකාමී උද්ඝෝෂණයක යෙදුණු පිරිසකට අමානුෂික ලෙස පහරදීම හෙළා දකින බවත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය අද (20) නිවේදනයක් නිකතු කරමින් කියා සිටිය‍ි. ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නතරකර දැමීමට රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද, ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුයැයි ද එම…

ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු අහිමි වෙයි

ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු අහිමි වෙයි

මන්ත්‍රී ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ඇතුළු ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉවත් වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසීම් , එම්.එස්. තව්ෆික් සහ ඉෂාක් රහුමාන් මින් ඉදිරියට ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් වැළකෙන බව ප්‍රකාශ කර සිටියි.

වතු කම්කරුවන් අදත් විරෝධතාවයේ

වතු කම්කරුවන් අදත් විරෝධතාවයේ

ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් වතු කරයේ වතු කම්කරුවන් පිරිසක් 20වන දින හැටන් නගර මධ්‍යයේ විරෝධතාවයක් පවත්වන ලදි. දික්ඔය වනරාජ යන වතුවල වතු කම්කරුවන් පිරිසක් දික්ඔය නගරයේ සිට හැටන් නගරයට පාගමනින් පැමින හැටන් නගරයේදි මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සමින් මෙසේ උද්ගෝෂනයක නිරත විය. මෙම උද්ගෝෂනය හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්ද පැවති අතර…

වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්
|

වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිදු වූ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ප්‍රථිවිපාකයක් ලෙස අද…

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු
|

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු

ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද රාජපක්ෂ එළිපිටම ගේමේය. අසන්නට සිදුවී තිබුණු අපවාද නිසා ඔහු යම් දුරකට මානසිකව පසුබා තිබෙන බවක් පෙනුණ ද, ශාරීරික හේතු නිසා අමාරුවෙන් කළ පසුගිය ජාතිය ඇමතීමෙන් පෙන්නුම් කළේ ඔහුගේ සටන්කාමීත්වයයි. ඔහු පෙන්නුම් කළේ රාජපක්ෂ…

රඹුක්කනට තවදුරටත් පොලිස් ඇදිරි නීතිය

රඹුක්කනට තවදුරටත් පොලිස් ඇදිරි නීතිය

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකය. රඹුක්කන ප්‍රදේශයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සලකාබලා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගත් බව ,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. රඹුක්කන හරහා ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග තෝරාගත යුතු බවද පොලීසිය දැනුම් දෙයි.

අවම බස් ගාස්තුව තවත් ඉහළ‌ට – පාසල් ළමුන් ප්‍රවාහනයත් අඩාලයි

අවම බස් ගාස්තුව තවත් ඉහළ‌ට – පාසල් ළමුන් ප්‍රවාහනයත් අඩාලයි

ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ දැමිණ. ඒ අනුව රුපියල් 20 ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහළ ගියේ ය. පාසල් ළමුන් ප්‍රවාහන කටයුතුවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන කරන්නන්ගේ සංගමය පවසයි. මේ අතර තිරිඟු පිටි මිල සහ…

අද (20) ජාතික කළු විරෝධතාවක්
|

අද (20) ජාතික කළු විරෝධතාවක්

රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව අද (20) දීප ව්‍යාප්ත විරෝධාතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. එය නම් කර ඇත්තේ ‘ජාතික කළු විරෝධතාව’ ලෙසයි. ජනතාවගේ හඬට සවන්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ය.

චීන නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක්
|

චීන නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක්

චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම අගුළු ලා සති තුනක් ගතවෙමින් තිබියදී නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. නගරයේ ඇතැම් නිවාස සංකීර්ණ මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීම චීනයේ නව කොවිඩ් වසංගතයේ බරපතළ ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. අනපේක්ෂිත අයුරින්…