විධායක ජනාධිපතිවරයා සමඟ 225 ම දණගැස්විය යුතුයි
|

විධායක ජනාධිපතිවරයා සමඟ 225 ම දණගැස්විය යුතුයි

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මයිනාගෝගමට පැමිණ එතැන සිටි පිරිස අමතමින් අත්අඩංගුට ගත් පිරිස සම්බන්ධයෙන් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. ” මම මේ නඩු තීන්දුව සම්පුර්ණයෙටන්ම බැලුවා. නඩු තීන්දුවෙන් අපි මේ කරගෙන යන ව්‍යාපාරයට කිසිදු ආකාරයකින් මහජනතාවට පීඩාවක් නොකර , ප්‍රචාණ්ඩත්වයකින් තොරව මේ ගෙනියන අරගලයට නඩු තීන්දුවන් කිසිදු බධාවක් නැ. මේක පොලිස් දේපාර්තමේනතුවට ලොකු වගකීමක් තියනවා…

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය. රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ජන්ද 148ක් ද සමගී ජනබල වේගය පක්ෂයෙන් නම් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ට ජන්ද 65ක් ලැබී තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 83 ක් ලබා රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය. තමා ජනතාව වෙනුවෙන් ඡන්දයට නැවත ඉදිරිපත්වූ බවත්…

තුන් හිතකවත් අයියා ගෙදර යැවීමේ උවමනාවක් නැහැ

තුන් හිතකවත් අයියා ගෙදර යැවීමේ උවමනාවක් නැහැ

උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින් මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී. පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී හිරිහැරයක් නැති සෞම්‍ය අතහැරීමක් සඳහා විපක්ෂය සමග සාකච්ඡාවට කැමති සහ ලෑස්ති බව අසන්නට ලැබුණි. එහෙත් අද ඇසෙන්නේ වෙනත් කතාවක් ය….

පරිපාලන සේවය පුනරුත්ථාපනය

පරිපාලන සේවය පුනරුත්ථාපනය

සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා. දේශපාලකයන්ට වගේම…

හෙපටයිටීස් යළි දරුවන් අතර පැතිරෙයි
|

හෙපටයිටීස් යළි දරුවන් අතර පැතිරෙයි

“හෙපටයිටීස්” රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වන විටත් ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් 300 ක් පමණ වාර්තාවී ඇති බව සදහන් කරයි. කොවිඩ් ව්‍යාප්තියෙන් පසු දරුවන් තුළ හෙපටයිටීස් රෝග තත්ත්වය වැඩි වෙමින් ඇති බවයි මේ වන විට සිදුකර ඇති විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

අන්තර්වාර ආණ්ඩුව මග නවතී

අන්තර්වාර ආණ්ඩුව මග නවතී

අග්‍රාමාත්‍යවරයා ඉවත් වන තුරු ජාතික ආණ්ඩුව බිහිනොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. මේ හේතුවෙන් රට තවත් අරාජික වන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර ප්‍රකාශ කරන්නේ. රට ගොඩගැනීමට නම් ජනතාවගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා පවසයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතී

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතී

අද මධ්‍යම රාත්‍රිී 12හේ සිට එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති  සංධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ පැවසුවේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එළඹෙන 06 වනදා දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් මෙලෙස දුම්රිය වැඩ වර්ජනයක් සිදුකරන බවය.

අධික උණුසුමෙන් ඉන්දියාවේ 25ක් මරුට

අධික උණුසුමෙන් ඉන්දියාවේ 25ක් මරුට

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 25 දෙනෙකු මියගොස් තිබේ. සෙල්සියස් අංශක 40කට වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලින් ද වාර්තා වන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.