ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් නවතී

ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් නවතී

ඉන්ධන නොමැතිවීමෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. කපුගස්කන්ද බලාගාර දෙක, කොළඹ වරාය පාවෙන බලාගාරය, ඇඹිලිපිටිය සහ මාතර පෞද්ගලික බලාගාර දැවිතෙල් නොමැතිව ද, කැලණිතිස්ස සහ මතුගම යන බලාගාර ද ඩීසල් නොමැතිවීමෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීවී ඇති බව ද එම නිලධාරියා කීය.

රාජපක්‍ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම්
|

රාජපක්‍ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම්

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “රාජපක්‍ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට යන” බවත් මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයට පත් කරන බවත් බී.බී.සී. ලෝක සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය. වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම දිනක ආහාර වේල් තුන සහතික කිරිම තම එක් අරමුණක් බවයි ඔහු පැවසුවේ. එමෙන්ම සිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී….

දේශපාලන පෙරළියෙන් ආර්ථිකයේ පිබිදීමක්

දේශපාලන පෙරළියෙන් ආර්ථිකයේ පිබිදීමක්

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හරහා ආර්ථිකයේ යම් පිබිදීමක් සිදුවෙමින් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසි. ඔවුන් කියා සිටියේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පැවතීම ඊට හේතුව බවයි. රට හමුවේ පවතින අර්බුදවලට ජාත්‍යන්තරයෙන් ද කඩිනමින් සහය ලබාගැනීමට මේ ඔස්සේ හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ඔවුන් පවසයි.