ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි

ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ සෑම පවුල් දහයකින් පවුල් හතරක් ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්, ඉහළ යන ආහාර සහ ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙලෙස ජනතාව ආහාර අනුභවයෙන් ඉවත්ව යමින් සිටින බව ය. ඉදිරියේදී…

මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව

මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව

මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ඉරානය  සිය එකඟත්වය පළ කළේ ය. ඒ, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හා අමාත්‍ය මහින්ද අමරවීර අතර අද පැවති සාකච්ඡාවකදී ය. සාකච්ඡාවේදී යූරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යූරියා පොහොර සපයා ගැනීමට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ සම්බන්ධව…

රටේ ජනාතවට වෙනසක් අවශ්‍යයි

රටේ ජනාතවට වෙනසක් අවශ්‍යයි

රටේ ජනාතවට වෙනසක් අවශ්‍ය බැවින් වහාම මැතිවරණයක් පවත්වන ලෙස වැදි නායක වන්නිලා ඇත්තෝ සදහන් කළේය. බදුල්ලේ පැවැති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් වැදි නායකයා මේ බව ප්‍රකාශ කළේය.

සමෘද්ධිය රු.4500 යි ඔවුන්ගේ බදුබර රු.6700යි
|

සමෘද්ධිය රු.4500 යි ඔවුන්ගේ බදුබර රු.6700යි

ශ්‍රී ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත් විට රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා සමෘද්ධියෙන් රුපියල් 4500ක් ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී සියයට 42කින් පමණ වැඩිවී…