කාසල් රෝහලේ විදුලිය කපන්න ආසන්නයි

කාසල් රෝහලේ විදුලිය කපන්න ආසන්නයි

කාසල් වීදීයේ කාන්තා රෝහලේ ලක්ෂ 170ක් වන විදුලි බිල වහාම නොගෙවන්නේ නම් නොදන්වා විදුලිය විසන්ධි කරන බවට දැනුම් දී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය අගෝස්තු මාසයේ සිට විදුලි බිල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන නොලැබුණු බැවින් මාස කීපයක විදුලි බිල එකතු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යංයේ සේවක වැටුප් ගෙවීමෙන් අනතුරුව…

සංඝයාට සිවුරු හැඳගත් බට්ටන් කීවාට සජිත්ගේ අප්‍රසාදය
|

සංඝයාට සිවුරු හැඳගත් බට්ටන් කීවාට සජිත්ගේ අප්‍රසාදය

පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථසාධකයටත් විදලා

සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථසාධකයටත් විදලා

ලංකා ධීවර සංස්ථාව සේවක අර්ථසාධක අරමුදලට(E.P.F) සහ සේවක බාරකාර අරමුදලට (E.T.F) රුපියල් කෝටි 60 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. එම අරමුදල්වලට එලෙස මුදල් ගෙවීම පැහැරහැරීම නරක පූර්වාදර්ශයක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඒ මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සති…