උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන, ළමා හා කාන්තා සහ සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින්. 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වැනි දිනය අද යි. පරිසර, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
Read MoreDay: December 2, 2022
පළාත් පාලනයට නැවතත් තරුණ නියෝජනය
පළාත් පාලනයේ තරුණ නියෝජනය 25%ක් වන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමති ශාන්ත බණ්ඩාර කියනවා. පළාත් පාලනයේ තරුණ නියෝජනය සඳහා කලින් පැවති අවස්ථාව යළි ලබාගැනීමේ අරමුණින් පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලක්ෂ 50කට ආසන්න වන වයස අවරුදු 15-29 අතර ලාංකික තරුණ ජනගහනය රටේ ජනගහනයෙන් 25%ක්. ඔවුන් වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවල 40%ක ඉඩ වෙන්කිරීම 1990 සිට 2012 දක්වා කාලයේදී අනිවාර්ය වුණා. 2012 අංක 22…
Read Moreශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරීමට යෝජනාවක්
ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත්, විදේශ විශ්වවිද්‍යාලවලට යන සිසුන් සඳහා ඩොලර් බිලියන 3ක් වියදම් කෙරෙන නමුත් මෙරට විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීම මඟින් ඩොලර් බිලියන 10ක් රටට ලබාගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙතෙක් පැවැති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බවත් ගෝලීය අවශ්‍යතාවය අනුව භෞතික විශ්වවිද්‍යාල පමණක් නොව සයිබර් තාක්ෂණය සඳහා ද අවශ්‍ය විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අය වැය කාරක සභා අවස්ථාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ…
Read Moreකාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙරට පළමු මන්ත්‍රණ සභාවේ කාන්තා නියෝජනය 2%ක් වූ බවත් සර්ව ජන ජන්ද බලය හිමිවී වසර 91ක් ගතව තිබුණත් වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙහිදී වැඩිදුරටත්…
Read Moreපාඩු මකා ගැනීම සඳහා පාරිභෝගිකයන් බිල්ලට
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය. විදුලිබිල නැවත වරක් වැඩි කිරීමේ සූදානමක්. මෙරට අවසාන වරට විදුලි බිලට සංශෝධනයක් ගෙන ආවේ 2022 අගෝස්තු මාසයේදීය. එහිදී විශාල ලෙස විදුලි බිල වැඩි කරන ලදී. එසේ තිබියදී 2023 ජනවාරි පළමුවැනිදා සහ 2023 ජූනි මස නැවත වරක් විදුලි බිල වැඩි කිරීම සදහා විදුලිබල අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාවෙහි දැක්වෙන්නෙ විදුලිබල මණ්ඩලයේ පාඩුව මකා ගැනීම සදහා සෑම වසරකම ජනවාරි හා ජුනි මාසයේදී විදුලි බිලට සංශෝධනයක් ගෙන ආ යුතු බවයි.…
Read More