වායු දූෂණය තවත් දින කිහිපයක් – අධික සීතලෙන් ගවයින් 250 ක් මියයයි

වායු දූෂණය තවත් දින කිහිපයක් – අධික සීතලෙන් ගවයින් 250 ක් මියයයි

අධික ශීත කාලගුණය දරාගත නොහැකිව  ගවයින් සහ එළුවන් විශාල පිරිසක් මියගොස් ඇත. කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවල පමණක් එලෙස මියගොස් ඇති ගවයින් සංඛ්‍යාව 250 කට ආසන්නයි. මෙම දිස්ත්‍රික්කවල එළිමහන් ගවමඩු රැසක් පවතින බවත්, එවැනි ගවමඩුවල සිටි ගවයින් මෙලෙස මියගොස් ඇත. වව්නියාවේ සහ කිලිනොච්චියේ උෂ්ණත්වය පවා දැක්වුණේ සෙල්සියස් අංශක 19 කටත් පහළ මට්ටමකයි. ජාත්‍යන්තර වායු…

ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව පා පන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව පා පන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියා සහ ආර්ජන්ටිනා කණ්ඩායම් සමත් විය. සුපිරි කණ්ඩායම් 08 තරග වදින අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු තරගය පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීලය සහ ලෝක පාපන්දු අනුශූරයින් වන ක්‍රොඒෂියාව අතරයි. මෙම තරඟයේදී සම්පූර්ණ කාලය තුළ කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය. ඒ අනුව අතිරේක කාලයේදී පළමු අර්ධයේ අවසන්…

400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට

400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව 400g ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240 කි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ බද්ද ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති බවයි.

‘මැන්ඩවුස්’ බලපෑම පහළට – වැසි සමඟ තද සුළං

‘මැන්ඩවුස්’ බලපෑම පහළට – වැසි සමඟ තද සුළං

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. මෙම සුළි කුණාටුව අද (10) අළුයම් කාලයේ දී උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කර ඇත. එය ක්‍රමයෙන් දුර්වල වන බවද ඔහු…