සන්ධ්‍යා එක්නැළිගොඩ යළි මෝදර කාලි කෝවිලට
|

සන්ධ්‍යා එක්නැළිගොඩ යළි මෝදර කාලි කෝවිලට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ අද මෝදර කාලි කෝවිලට ගොස් දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවා. ඒ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ වියෝවට 13 වසරක් පිරිම නිමිත්තෙන්. එහිදී ඇය නැවත නැවතත් දෙවියන්ගෙන් අයැද සිටියේ, තමාට සැමියාව අහිමි කළ සෑම පුද්ගලයෙකුටම තව තව දඬුවම් ලබාදෙන ලෙසයි.  

ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ සතියේ

ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ සතියේ

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙම සතියේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන්ට තම දිස්ත්‍රික්කයේ අනුමත වූ නාම යෝජනා පිළිබඳ තොරතුරු කඩිනමින් යොමුකරන ලෙස දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ. මේ අතර, මැතිවරණ වියදම් පාලන පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන…

ශ්‍රී ලංකාවේ සහයට චීන බැංකුවක් එයි
|

ශ්‍රී ලංකාවේ සහයට චීන බැංකුවක් එයි

චීනයේ එක්සිම් බැංකුව ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා…

යළි ගෑස්‌ මිලේ සංශෝධනයක්

යළි ගෑස්‌ මිලේ සංශෝධනයක්

එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම වැඩිදුරටත් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළඹෙන මාසයේදී ගෑස්‌ මිලේ සංශෝධනයක් සිදුවිය හැකි බවය.