අප්‍රේල් 25 ඡන්දය තියන්න වෙන්නේ නැහැ – පැෆ්රල්

අප්‍රේල් 25 ඡන්දය තියන්න වෙන්නේ නැහැ – පැෆ්රල්

මේ වන විට පවතින තත්ත්වය තුළ අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවයි. “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක්…

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ
|

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.

වර්ජනය තාවකාලිකව අවසන්

වර්ජනය තාවකාලිකව අවසන්

රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඊයේ (15) ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු…

පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට
|

පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට

පළාත් පාලන ආයතන 341ක නිල කාලය එළඹෙන 19 වනදායින් අනතුරුව කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතයි. පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවකදී විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම දැනුවත් කිරීම සිදු කර තිබුණා. ඒ අනුව,…