22 වන හා 23 වන කොරෝනා මරණ වාර්තා වෙයි

death

මෙරටින් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව සෞඛ්‍ය අමාතංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

එලෙස මියගිය දෙදෙනාගේ මරණ හදිසි මරණ ලෙස සළකන අතර එම දේහයන් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන්ට කොරෝනා ආසාදනය වී තිබූ බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 23 ක් ලෙසින් දැක්වෙනවා.

Related posts