රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේ රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම ඊයේ(14) වන දින පවත්වන ලදි.

මෙහිදි අධ්‍යාපන කේෂත්‍රයට සම්බන්ද ගුරු විදුහල්පතිවරුන් ඊයේ(14) දින හැටන් ශ්‍රිපාද විදුහල් ශ්‍රවනාගාරයේදි සෞඛ්‍ය උපදෙස් මත තම තැපල් ඡන්දය ඉතාමත් උද්යෝගිමත් ලෙස බාවිතා කිරිම සිදු කරන ලදි.

මේ පිලිබදව අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ  තම තැපල් ඡන්දය බාවිතා කිරිම සදහා ගුරු විදුහල්පතිවරුන් විශාල පිරිසක් පැමින සිටි බවත්ය.

එමෙන්ම මෙම තැපල් ඡන්දය බාවිතා කිරිම සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරිමට පියවර ගත් බවත් හැටන් පොලිසිය විසින් මෙම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් සපයා තිබු බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Related posts

Leave a Comment