කොළඹ මාර්ගය යථා තත්වයට

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටුන ගල් පර්වතය කඩා ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කිරිමට  පියවර ගෙන ඇත.

24වන දින උදැසන 7.00ට පමන මෙම ගල් පර්වතය මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමණින්ම ඇන හිටින ලදි.

මෙම ගල් පර්වත කඩා වැටිමත් ගිනිගත්හේන පොලිසිය ලක්ෂපාන හා හැටන් කොමර්ෂල් යුධ හමුදා කදවුරුවල බට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසද සමග එකට එක්ව ගල් වෙඩි දමා ගල කඩා ඉවත් කර මෙම මාර්ගය යථා තත්වයන්ට පත් කිරිමට පියවර ගන්නා ලදි.

මෙම ගල් පර්වතය කඩා වැටිමත් සමග හැටන් කොළඹ මාර්ගය අවහිරවිමත් සමග 24වන දින උදැසන සිට එම මාර්ගයේ ධාවනය කරනු ලබන රථ වාහන දියගල නොර්ටන්, කලුගල හරහා ධාවනය කරවිමට පියවර ගන්නා ලදි.

මේ පිලිබදව අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මාර්ගය යථා තත්වයන්ට පත් කර රථ වාහන ධාවනය සදහා මාර්ගය විවෘත කිරිමට  පියවර ගෙන ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment