දකුණු අපි‍්‍රකානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ, දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 10 ක ජයක් ලබා ගනිමින්.

තරගයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස්කළ ලකුණු 157 ට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාව ලකුණු 302 ක් රැස්කළා.

ශ‍්‍රී ලංකා පිළට දෙවන ඉනිමේදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 211 ක් පමණයි.

දකුණු අපි‍්‍රකාවට හිමිවූ ලකුණු 67 ක ඉලක්කය කිසිඳු කඩුල්ලක් නොදැවී ඔවුන් පසුකර ගියා.

 

Related posts