එලවලු කොටුව ඌරන්ගෙන් බේරාගැනීමට ගොස් පුද්ගලයකු මරුට

death

එලවලු කොටුවට පැමිනෙන වල් ඌරන් දඩයම් කිරිම සදහා ඇද තිබු විදුලි රැහැනක පැටලි බගවන්තලාව ප්‍රදේශයේ පුද්ගලයකු මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියක් පවසන ලද්දේ 08වන දින සවස විදුලි රැහැනක පැටලි අවුරුදු 62ක් වයැසැති බගවන්තලාව කිවු වතුයායේ පුද්ගලයකු මිය ගොස් අති බවත්ය.

මේ පිලිබදව කරන ලද මුලික පරික්ෂනවලදි එම ප්‍රදේශයේ එලවලු කොටුවකට පැමිනෙන වල් ඌරන් දඩයම් කිරිම සදහා ඇද තිබු විදුලි රැහැනක පැටලිමෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේම මිය ගොස් ඇති බව හෙලිවු බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම මරණය පිලිබදව හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පශ්චාත් මරණ පරික්ෂනය සදහා මල සිරුර දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහල වෙත යැවිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts