කුකුළේ ගගේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්

missing
මාකෙළිය ඇල්ල පහළ කුකුලේ ගඟේ කොස්ගුලන ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලීසීය කියයි.

බුලත්සිංහල, ගල්කැටිවිල ප්‍රදේශයේ පදිංචිව සිටි  ඩී.ගාමිණී සිල්වා නැමති 54 හැවිරිදි තිදරු පියෙකු මෙසේ දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි පොලීසිය කියයි. කොස්ගුලන ප්‍රදේශයේ පදිංචි සිය දියනියකගේ නිවසට පැමිණ සවස හතරට පමණ තවත් පිරිසක් සමග මෙම පුද්ගලයා කුකුලේ ගගේ දිය නෑමට ගොස් තිබේ.

දියේ ගිලී අතුරුදහන්වු පුද්ගලයා සෙවීමට ප්‍රදේශවාසීන් මහත් උත්සාහයක් ගෙන එය අසාර්ථකවූ බව ප්‍රදේශවාසීන් කියති. බදුරලිය හා බුලත්සිංහල පොලීසි සමග නාවික හමුදා කිමිදුන්කරුවන් අතුරුදහන් පුද්ගලයා සෙවීමට කටයුතු කළ අතර මේ දිනවල පවතින වර්ෂාව නිසා ගගේ ජල මට්ටම ඉහළයාමෙන් මෙහෙයුම් අසීරුවී ඇතයි කුකුගේ ගග පොලිස් මුරපොල නිළධාරීන් කියති.

ඊයේ (06) දහවල් වන විටත් පොලීසීය, නාවික හමුදාව ප්‍රදේශවාසීන් සමග එක්ව  අතුරුදහන් පුද්ගලයා සෙවීමෙි කටයුතුවල නිරතව සිටියහ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Related posts