කොරෝනා බවට සැක පැනගිය රෝගියෙක් අල්ලයි

කොවිඩ් 19 වෛරස් රෝග ලක්ෂන සමග අනුරාධපුර ජයවැව ග්‍රාමිය රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි පුද්ගලයෙකු රෝහලේ වෛද්‍යවරයා විසින් වැඩිදුර පරීක්ෂණ සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට සූදානම්වූ අවස්ථාවේදී සැකකාර රෝගියා වෛද්‍යවරයාගෙන් මිදි පලායමින් සිටියදි වෛද්‍යවරයාත් ඔහු පසුපස පන්නා ගෙන ගොස් පොලීසියේ සහාය ඇතිව අල්ලා ගැනීමට ඊයේ (15දා) සවස සමත්වි තිබේ.

බන්ධනාගාර ගතව සිට ඇප නියමවී දින කීපයකට පෙර නිවසට පැමිණි අයකු වන රෝගී පුද්ගලයා පසුව අනුරාධපුර යාපනය හංදිය බස් නැවතුම්පළ අසලින් ගමන් කරමින් සිටියදී වෛද්‍ය එරංග ජයසිංහ මහතා මෝටර් රථයෙන් ඔහු පසුපස පන්ගෙන පැමිණ මග අහුරා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සහාය ඇතිව අල්ලා ගෙන තිබේ.

පසුව එරංග ජයසිංහ මහතා විසින් රෝගියා සිය බාරයේ තබා ගෙන 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts