අඹගමුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 278 දක්වා ඉහලට

covid infections and deaths

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 278 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කාමදේවන් මහතා පවසන ලද්දේ වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 88 දක්වා ඉහල යාමත් සමග අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මෙසේ ඉහල ගොස් ඇති බවත්ය.

වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 88 දක්වා ඉහල ගියද මේ වන විට එම ඇගලුම් කම්හලේ කොවිඩ් වසංගය පාලනයට නතු කර ඇති බවත් එම තත්වයන් මත එම ඇගලුම් කම්හලින් දැනට කර ඇති පි. සි. ආර්. පරික්ෂන මත  පසු ගිය දින දෙක තුන තුලදි කොවිඩ් ආසාදිතයන් වාර්ථාවී නොමැති බවද ඔහු පවසන ලදි.

එම තත්වයන් මත ඉදිරියේදි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන්ගේ අඩු විමක් සිදුවිය හැකි බවට විශ්වාස කරන බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts