අඹගමුව කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට

covid infections and deaths

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල පමනක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 375 දෙනකු හමුව ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ගිනිගත්හේන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 133ක්, වටවල ප්‍රදේශයෙන් කොවිවිඩ් ආසාදිතයන් 152ක් ලෙස වැඩි වශයෙන්  ආසාදිතයන් හමුව ඇති බවත්ය.

මෙයට අමතරව හැටන්, අඹගමුව, පිටවල, හගරාපිටිය යන ප්‍රදේ‍්ශවලින්ද තවත් කොවිඩ් ආසාදිතයන් හමුඅව ඇති බවත් මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Related posts