උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක් වසාදමයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක සේවයේ නියුතුවූ මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර් යවරයෙකුගේ ආශ්‍රීතයන් සිවුදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරුවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසදැමීමට  පියවර ගෙන තිබේ.

උසස් පෙළ තාක්ෂනවේදය සදහා විද්‍යාව විෂය පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය මෙසේ වසාදමා ඇති අතර ඒ හේතුවෙන් තවත් පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථාන පහක සේවයේ නියුතු පිරිස් සේවයට වාර් ථා කිරීම ප්‍රතික්ෂේපකර ඇති බව අනාවරණය විය.

අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ පිළිතුරු ඇගයිමේ මධ්‍යස්ථානයේ සේවයේ නියුතුවු ආචාර් ය වරයාගේ උපන්දින සාදයකට සහභාගිවු සිව්දෙනෙකු කොවිඩ් ආසාධනයවි ඇති බව තහවුරුවි තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ සියල්ලෙන්ම කොවිඩ් 19 වෛරසය ආසාධනයවූ රෝගින් හමුවි තිබෙනා අතර අද (11දා) වනවිට රෝගින් සංඛ්‍යාව 105 දක්වා ඉහල ගොස් තිබේ.

අනුරාධපුර නගරයේ පුබුදුපුර විජයපුර සුහද මාවත මහ බුලංකුළම මිහින්තලය තඹුත්තේගම ඇතුළු ස්ථාන රැසකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර අනුරාධපුර කොන්ත්‍රාත් ආයතනයෙන් ඇරඹි රැල්ල ආසාධිතයන් 27දක්වා ඉහළ ගොස් තිබේ.

විභාග මධ්‍යස්ථානයේ ඇගයීම් කටයුතු වල 130 දෙනෙකු පමණ සේවයේ නියුතු අතර ආචාර් යවරයා විසින් එම ස්ථානයේ පිරිසකටත් උපන්දිනය වෙනුවෙන් කේක් ලබාදි ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

මෙම සිද්ධියත් සමග අදාල විද්‍යාලයේ යම් ගැටළුකාරිතත්වයක් මතුවි ඇති බවත් මධ්‍යස්ථානයේ රසායන විද්‍යාව ආර් ථික විද්‍යාව දේශපාලන විද්‍යාව ව්‍යාපාර අධ්‍යනය කෘෂි විද්‍යාව උත්තර පත්තර ඇගයීම හා නැටුම් ප්‍රායෝගික පරික්ෂන පැවත්වෙන බවත් ඒ මහතා පැවසුවේය.

මෙම විභාග මධ්‍යස්ථානයේ පැවත්වෙන ප්‍රායෝගික පරික්ෂන සදහා විවිධ විද්‍යාලවල දරුවන් පසුගිය දින කිහිපයේ එහි පැමිණ ඇති බව සභාපතිවරයා සදහන් කළේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

Related posts