ඉදිරි පැය කිහිපය තුල ප්‍රහාරාත්මක සුළං

winds

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ නැගනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50 අතර සුළං ඇති විය හැක. නැගෙනහිර, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 150 ට වැඩි ඉතා තද වැසි හැකි අතර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකළපුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50-100 පමණ තරමක් තද වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts