ඇහැලියගොඩට සංචරණ සීමා

isolated areas in colombo

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද  (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය .

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවිම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය  සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය.

රත්නපුර සිරිපාගම ,මල්වල සහ අවට ප්‍රදේශවලට පැනවු සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වේ.

Related posts