බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ

ali-sabir

තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත අදාළ යෝජනා යොමු කර ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්ය.

Related posts