මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි

covid infections and deaths

මෙරට කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට චීනය පසුකර ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90, 200 දෙනෙකු වන අතර එය චීනයෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවකි.

මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2,895 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 546කි.

Related posts