අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ බගතුළුවෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

කලුගල පොලිස් මාර්ග බාධකය අසලදි සිදුකරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂනවලදි කොවිඩ් 19 ආසාදිතයන් අට දෙනකු (08) හදුනා ගත් බවත් එම තත්වයන් මත මෙම ස්ථානයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂන දිගින් දිගටම සිදු කිරිමට පියවර ගන්නා බවද  කේ. කාමදේවන් මහතා පවසන ලදි.

පසුගිය 13වන දින කරන ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින සවස ලැබුන බවත් එහිදි මෙම අට දෙනාට කොවිඩ් 19 ආසාදනය විඇති බවට හෙලිව ඇති බවද ඔහු පවසන ලදි.

මෙම ආසාදිතයන් මස්කෙළිය ප්‍රදේශයෙන් දෙදෙනෙක්, කොටගල ප්‍රදේශයෙන් හතර දෙනකු, හා අඹගමුව ප්‍රදේශයෙන් දෙදෙනකු වශයෙන් සිටින බවත් අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් හමුවු මෙම කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනා සමග අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 143 දක්වා ඉහල ගොස් ඇති බවද කාමදේවන් මහතා පවසන ලදි.

මෙසේ හමුවු කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඥතින් හා ලගම ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Please follow and like us:

Related posts