කොවිඩ් ආසාදිතයකු වෙළදසැල් තුනකට යයි

කොවිඩ් ආසාදිතයකු හැටන් නගරයේ වෙලද සැල් තුනකට පැමිනිමත් සමග එම වෙලද සැල් තුන වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් 19වන දින සවස පියවර ගෙන ඇත.

මෙම කොවිඩ් ආසාදිතයා හැටන් නගරයේ රෙදි පිලි වෙලද සැල් දෙකකට හා සපත්තු සෙරප්පු වෙලද සැලකටද ගොස් ඇති බැවින් එම වෙලද සැල් වසා දමා එහි සේවක පිරිස් ස්වයං නිරෝධානයට ලක් කිරිමටද පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙලග මහතා පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරත් අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස් මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාව මගින් වෙලද සැල් පවත්වාගෙන යාමේදි පිලිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මලාවක් නිකුත් කර ඇති බවත් සමහර වෙලද සැල් මෙම සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලි පැදිමකින් තොරව කටයුතු කරන බවත්ය.

එසේ සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලි පැදිමකින් තොරව කටයුතු කරන එක් රෙදි පිලි වෙලද සැලක්ද මෙම කොවිඩ් ආසාදිතයා ගොස් ඇති වෙලද සැල් තුන තුල තිබු බවත් එම තත්වයන් මත එම වෙලද සැලට එරෙහිව නිතිමය පියවර ගැනිමට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට කටයුතු කරන බවද මැදවෙල මහතා පවසන ලදි.

එමෙන්ම මෙම කොවිඩ් ආසාදිතයා හැටන් නගරයේ රාජ්‍ය බැංකු ශාඛාවකටද ගොස් ඇති බවත් එම බැංකු ශාඛාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කර ඇති බැවින් එම ආසාදිතයා සමල සමිපව කටයුතු කල නිලධාරින් දෙදෙනා පමනක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

වසා දැමිමට පියවර ගත් වෙලද සැල් විෂබිජහරණයට ලක් කර  සේවය සදහා වෙනත් පිරිසක් යොදවන්නේ නම් එම වෙලද සැල් යලි විවෘත කිරිමට ඉඩ ලබා දෙන බවත් කේසේ වුවත් සෞඛ්‍ය උපදෙස් පිලිපැදිමකින් තොරව පවත්වාගෙන ගිය රෙදිපිලි වෙලද සැලට එරෙහිව අධිකරණයේ නඩු පැවරිම සිදු කරන බවද මැදවෙල මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts