වැඩ කරන ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ගෙන ඒමට සැලසුම්

ලෝකයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න  යුරෝපය, ඇමරිකාව වැනි බොහෝ රටවල වැඩ බිම්වලට  සහ ඒවායේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශේෂ සේවක  රක්ෂණ  ක්‍රම සහ අනතුරු වන්දි රක්ෂණ ක්‍රම තිබුණත්, ලංකාවේ කම්කරුවන් සහ වැඩබිම් සඳහා  එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් නොතිබීම විශාල අඩුවක් බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයක් තිබුණත් ඒ ද ප්‍රමාණවත් නැත.එමනිසා හදිසි අනතුර අවස්ථාවකදී හෝ රටක යම් කිසි ආපදා අවස්ථාවකදී වැඩ වැඩකරන පන්තිය ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් සහ ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් සුවිශේෂ රක්ෂණ වන්දි ක්‍රමයක් සකස් කළ යුතු බව කම්කරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති පැවැති ශ්‍රම වාසනා ශිෂ්‍යාධාර ප්‍රතිලාභ බෙදා දීමේ වැඩ සටහනේ දී ය.

රාජකාරි හා වැඩබිම් අතරතුරදී ජීවිත හානි වූ සහ බරපතළ ආබාධ සිදු වූ සේවකයන්ගේ දරුවන් (39) 39 දෙනෙකු සඳහා අධ්‍යාපන හා ශිෂ්‍යාධාර ලබාදීම ලබා දීම මෙහි දී සිදු කෙරිණි.ඒ අනුව එම ප්‍රතිලාභි  දරුවන්ට රුපියල් 50,000 ක ස්ථිර තැන්පතුවක් ද රුපියල් 10,000 පොත්පත් සහ රුපියල් 2000 ක පාවහන් ලබාගැනීමේ වවුචර්පත් ද ප්‍රදානය කෙරින.

මෙම පවතින කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් දුර බැහැර පළාත්වල ප්‍රතිලාභී දරුවන් කොළඹට නොකැඳවූ බවත් එම දරුවන්ට අනුරාධපුර හා අදාළ ප්‍රදේශවල දී එම ප්‍රතිලාභ ලබා දුන් බව මෙහි දී ප්‍රකාශ විය.ඒ අනුව සියයකට ආසන්න දරුවන් ප්‍රමාණයකට මෙම ප්‍රතිලාභ ලබා දීම අද සිදු කෙරිණ.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙතෙක් මේ රටේ පැවැති රුපියල් ලක්ෂ පහ මාරක් වූ හදිසි අනතුරු සේවක වන්දිය රුපියල් ලක්ෂ 20 දක්වා තමා වැඩි කළේ   හාම්පුතුන්ගේ  විරෝධතාවය ද නොසලකා බවය.රක්ෂණ සමාගම් අද  අති විශාල ලාභයක් ලැබනවා.

නමුත් සිදු වූ අනතුර  ඉතාමත්ම පැහැදිලිව පෙනෙන අවස්ථාවලදී පවා එම රක්ෂණ සමාගම් වින්දිතයාට එම රක්ෂණ වන්දි ලබාදීම දීර්ඝ කාලයක් ප්‍රමාද කරන බව සත්‍යයකි.මේ අනතුරුවල බොහෝ විට ලක්වන්නේ මේ රටේ කම්කරු පන්ති ජනතාවයි. ඒ නිසා කම්කරුවන්ගේ යහපත උදෙසා මෙම රක්ෂණ  නීති වෙනස් කළ යුතුයි.දැනට වැඩ කරන පන්ති ජනතාවට තිබෙන රක්ෂණ වන්දි ක්‍රම ප්‍රමාණවත් නැත.එම නිසා වැඩ වැඩබිම්වල, වැඩපළ වල අනිවාර්ය  රක්ෂණ ක්‍රමයක්, ඇති  කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයකි.

කොරෝනා වසංගත සමයේ දියුණු රටවල පෞද්ගලික අංශයේ රැකියා අහිමි වූ අයට ඔවුන්ගේ වැටුපෙන් සියයට හැත්තෑවක් අසූවක් ලබාදීමට එම රටවල් ක්‍රියා කළා. නමුත් අපේ රටේ එවැනි ආර්ථික ශක්තියක් නොමැති නිසා එවැනි ජාතික ආපදා තත්ත්ව අවස්ථාවක දී වැඩකරන පන්තියේ ජනතාවට ඔවුන්ගේ රැකියා නැවත ලැබෙන තුරු ඔවුන්ට අවම වශයෙන් වසර දෙක  තුනක්වත් ජීවත්වීම සඳහා අවශ්‍ය කරන ආර්ථික ශක්තියක් ලබා දීමේ ක්‍රමයක් අපි සකස් කළ යුතුයි.

ඒ සඳහා සුවිශේෂ කම්කරු  රක්ෂණ අරමුදලක් ඇති කිරීමට දැන් කාලය එළඹ ඇත. මීට වසර දහයකට පහළොවකට පෙර  එවැනි රක්ෂණ අරමුදලක් ඇති කර  තිබුණා නම්, මේ කෝවිඩ් වසංගත   අවස්ථාවේ දී අපිට මේ රටේ වැඩකරන පංතියේ  ජනතාවට ඔවුන්ගේ ජීවිත පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා දීමට හැකියාව ලැබෙනවා.නමුත් ඒදා සිටි අය ඒය නොකළත් දැන් අපිට අනාගතය පිළිබඳව කල්පනා කර එවැනි අරමුදලක් පිහිටුවීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා.

අද වන්දි ලැබූ දරුවෙකුගේ පියා මිය ගොස් ඇත්තේ විෂ වායු ආඝ්‍රාණය කිරීමෙන්.අපේ රටේ කර්මාන්ත ශාලාවල ආරක්ෂාව පිළිබද ඇති කර්මාන්ත කර්මාන්ත ශාලා ආඥා පනත සම්පූර්ණයෙන්  වෙනස් කිරීමට කාලය ඇවිල්ලා.මේ පැරණි ආඥා පනත් තුළින් නූතන කර්මාන්තශාලාවල වැඩ කරන කම්කරුවන්ට ප්‍රමාණවත් සුරක්ෂිතතාවයක් ලැබෙන්නේ නැහැ.

එම නිසා කර්මාන්තශාලාවල ආරක්ෂක විධි විධානයන්ට  අදාළ රෙගුලාසි අපි වෙනස් කළ යුතුයි.ඒ පවතින, පෙනෙන අඩුපාඩු සලකා බලා එම පනත් වෙනස් කරමින් කම්කරුවන්ට හිතකර කර්මාන්තශාලා ආඥා පනතක් අපි අලුතින් ගෙනා යුතුයි.

මේ රටේ ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයේ වැඩකරන කම්කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇත්තේ ඉතාමත්ම අවම ආරක්ෂක වැඩපිළිවෙළක් බව අපට වාර්තා වෙනවා.අද ගොඩනැගිලි ඉදිකිරීම් කම්කරුවන් කටයුතු කරන්නේ තට්ටු 20 – 30 ගොඩනැගිලිවල. නමුත් ඔවුන්ගේ ආරක්ෂාවට වෙන රටවල් වල වගේ කිසිම ආරක්ෂක දැල් ආවරණයක් යොදන්නේ නැති බවටත්  වාර්තා වෙනවා.

එම නිසා කම්කරු දෙපාර්තමේන්තුව ඉතාමත් ඉක්මනින් මෙම තොරතුරු පිළිබඳ සොයා බලා වැඩබිම්වල ආරක්ෂාව පිළිබද නව විධිවිධාන මෙම ආඥා පනත් වලට අලුතින් එකතු කළ යුතු සංශෝධන වහාම එකතු කළ යුතුයි .ඒ වගේම වැඩබිම්වල දෛනික වැටුප් සේවක , සති වැටුප් සේවක හෝ ස්ථිර  සේවක යන කුමන තලයක අයෙකු වුවත්  වැඩබිම්වල  සියලු දෙනාටම  අනිවාර්ය රක්ෂණ ආවරණයක් ලබා දීම කළ යුතු බවට අපි නීති ගෙන ආ යුතුයි.

එය එම කම්කරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේ පවුල්වල හා දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම ඉටුකළ යුතු වගකීමක්.එම වගකීම ද පැවරෙන්නෙ කම්කරු අමාත්‍යංශයට බැවින් නොපමාව  අපි එය ඉටු කිරීමට පියවර ගත යුතු යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ ,මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බී.ඒ.ටී.රුද්‍රිගු , කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති ,ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි  ඩී.ආර් .ජයලත් යන අයද ඒක් වූහ.

Related posts