හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

arrest search

අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අනුරාධපුර කොට්ඨාශයේ මහපරිමාන හෙරොයින් ජාවාරම්කරුවන් සමග සබධතා පවත්වමින් ඊෂී කෑෂ් ආකාරයට හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් හා දුරකථන පහක් සමග සැකපිට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි පොලිස් පරික්ෂකවරයා කළක සිට හෙරොයින් ජාවාරමක් සිදුකරනා බවට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාට තොරතුරු ලැබි තිබෙන අතර ඔහු  කවරක්කුලම හංදිය ආසන්නයේ සිය ඊෂිකෑෂ් ජාවාරම සිදුකරමින් සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ස්ථානාධිපතිවරයා පොලිස් ග්‍රහණයට නතුවීමත් සමග පොලිස් සැරයන්වරයෙකුට පහරදි පලායෑමට උත්සහ දරා පසුව ඊෂිකෑෂ් ජාවාරම මෙහෙයවීමට යොදා ගත් සිම්කාඩ්පත සහිත ජංගම දුරකථනය අසලවූ වෙලකට වීසිකර තිබේ.පොලිස් කණ්ඩායම විශාලා පරිශ්‍රමයක් යොදා ඔහු අත්අඩංගුවට පත්විමෙන් පැයකට පමණ පසුව දුරකථනය සොයා ගෙන තිබේ.

එම දුරකථනයේ ජාවාරම්කරුවන් සමග පැවත්වු සබධතා රැසක් හෙලිවි තිබෙනා බව පොලිසිය පවසිය.සැකකාර ස්ථානාධිපතිවරයා විසින් හෙරොයින් සමග අත්අඩංගුවට පත්වන ජාවාරම්කරුවන්ගේ හෙරොයින් කොටසක් අධිකරණයට ඉදිරිපත් කර ඉතිරි කොටස ඔහු සන්තකයේ තබාගෙන නැවත අලවිකර ඇති බව පොලිස් පරික්ෂන වලදි අනාවරණයවි තිබුණි.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවට පෙරත් වැටලිමක් සිදුකර හෙරොයින් පැකට් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ සම්බන්ධ සැකකරුවන්ට නීතිය ක්‍රියාමක කර නොමැති බව අනාවරණයවූ බව පොලිසිය පවසි.සැකකරු කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ සේවයට පැමිණි සමයේ සිට මහපරිමාණයෙන් ඊෂි කෑෂ් ඔස්සේ හෙරොයින් අලවිකර මුදල් උපයා ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණයවි තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරික්ෂකවරයා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර දින හතක් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග ලබාගන්නා බව පරික්ෂන සිදුකරන පොලිසිය පවසයි.

උතුරු මැද පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර් ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතා ඇතුළු නිලධාරින් පිරිසක් පරික්ෂන පවත්වති.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

Related posts