අර්ජුන කනස්සල්ලෙන්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතා පත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබේ.

මෙම සිදුවීමෙන් පසු තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් පසෙකට වී සිටීම වඩා යහපත් බවක් ද ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරම්පරාවෙන් බූදලයක් සේ ලබාදීමට තමන් විරුද්ද බවත් ඔහු පවසයි.

මෙම තත්වය වහා වෙනස් විය යුතු බවත් රණතුංග මහතා අදහස් පල කරන ලදී.

Related posts