රෝහල් අනංගයා අත් අඩංගුවට

arrest search

තංගල්ල මූලික රෝහලට පැමිණි මන්ද මානසික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට තංගල්ල මූලික රෝහලේ කම්කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසිය විසින්  අත් අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත්ව ඇති බව කියන  18 වැනි වියේ පසුවන තරුණිය පසු ගිය දිනක තංගල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණ ඇති බවත් එහිදී සැකකාර රෝහල් කම්කරුවා මෙම තරුණිය සමඟ මිත්‍රවී රෝහලෙන් පිටතට ඇය රැගෙන ගොස් ලිංගික අතවර කෙට ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවත්  පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

ලිංගික අතවරකිරීමේ සිද්ධිය තරුණිය විසින් නිවැසියන්ට පවසා ඇති බවත් ඉන් අනතුරුව සැකකාර රෝහල් කම්කරුවා පිළිබදව පොලීසිය දැනුමවත් කොට ඇති බවත් දැන ගන්නට තිබේ.

පෙරේදා දින නැවත ප්‍රථිකාර ගැනීමට පැමිණ ඇති තරුණිය නැවත වතාවක් රෝහලෙන් පිටතට රැගෙන යමින් සිටියදි සැකකාර රෝහල් කම්කරුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් තරුණිය මේ වන විට තංගල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින්නීය.අත් අඩංගුවට පත් තරුණයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර  ඔහු ඊයේ (17) දින තංගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

චන්ද්‍රසේන ගමගේ

Related posts