තිත්තගල්ලේ පෑලැස්සේ යකඩ ගැහැණිය

තිත්තගල්ල,පෑලස්සේ මිරිස්වත්ත,ගම්මානයේ ජීවත්වන අල්ගෙවත්ගේ එන්සෝහාමි වයස අවුරුදු 104 ක මාතාවකි.

මේ අම්මාගේ උපන් දිනය 1916.03.02 දින ඇය තිත්තගල්ල දංගල්ලෙගොඩ ගමෙහි උපත ලැබුවාය.

මැය දිරිය යකඩ ගැහැණික යැයි නම් කළාට මුසාවක් නොවේ. කොග්ගල ඹය අසල සිට ඇය පා ගමනින් එන්නේ පලා පිටියක් අත ඇතිවයි.

කැරැන් කොල ද ඒ පලා මිටියේ දැකිය හැකිය.

කිරල ගෙඩි කිහිපයක්ද, උකුලේ ඉනේ දවටාගත් මල්ලක  දවටාගෙන ඇය එන්නීය. අඩි හයකට අධික උස ඇති ඇය කුදුබවක් ද නැති හැඩි දැඩි දේහ විලාශයක් ඇතිව තවමත් කඩියෙක් මෙන් ඇවිද යන වැඩ කරන යකඩ ගැහැණියකි.

තිත්තගල්ල,පෑලස්සේ මිරිස්වත්ත,ගම්මානයේ ජීවත්වන අල්ගෙවත්ගේ එන්සෝහාමි (104)  අප සමග මෙසේ පැවසුවාය.

මම රස්සාව කරන්න තමයි තිත්ගල්ල මිරිස් වත්තේ,මගේ මිනිහගේ ගෙදර   මහ ගෙදර ඉදලා පෑලැස්සේ ලොකු පුතාගේ ගෙදරට එන්නේ කිලෝමීටර් දෙකක් හැම දාම උදේ පවස පයින්ම එනවා යනවා.

අවුරුදු 104 යි තවමත් රස්සාවක් කරනවා මට පුදුමයකි. මම අකුරු ඉගෙන ගෙන නෑ ඒ කාලයේ අපේ අම්මලා තාත්තලා ඉස්කොලයේ යැව්වේ නැනේ. මම ඉස්කොලයේ ගියේ නෑ. මොකද් ද රස්සාවක් කරනවාය කියන්නේ මම ඇසුවෙමි. ඇයි මගේ මිනිහගේ රස්සාව තමයි මම කරන්නේ මොකද්ද මිනිහගේ රස්සාව අප ඇසුවෙමු.

මගේ මිනිහා කුරුඳු තැලුවනේ. මේ ගමේ එදා අදත් වාගේ කුරුඳු තැලිම තමයි කරන්නේ. මම උදේ මගේ ලොකු පුතාගේ ගෙදරට පයින්ම ඇවිත් කුරුඳු තලනවා. පුතා පබාරිස්ගෙ ගෙදර තමයි මම කුරුඳු තලන්නේ පබාරිස් පුතා කුරුදු කපලා ගෙදර වාඩියට ගේනවා. පුතා එක්ක මම හරි හරියට වැඩ කරනවා. කුරුඳු පොතු ගාලා. පබාරිසයා කුරුඳු පොතු ගහනවා.

මම කරන්නේ පබාරිස් පුතා කුරුඳු පොතු ගහනවා. මම හන්දි කරනවා කුරුදු කෝටු සකස් කරනවා.මිම්මට කරන්න වෙනවා.ලීයක් උඩතියලා කුරුඳු හන්දිකරනවා. කුරුඳු සකස් කරනවා.දැන් ක්‍රිලෝවක් රුපියල් 2000ක් වෙනවානේ කුරුඳු කිලෝවක්. කහට කොප්පයක් බිගෙන වැඩ කරනවා මට එක දිගට බිම වාඩිවෙලා පැය ගණනාවක් නොවෙයි පුතා වරු ගණනාවක්ම කුරුඳු හන්දිකරන්න  හැකියි.

මගේ හන්දි රුදාව කොන්දේ කැක්කුම අර මේ ලෙඩ කියාලා ලෙඩ අසනීප නම් නෑ බුලත් විටත් සප්පායම් වෙනවා. මම රස්සාවට කරන්නේ කුරුඳු තලන එකනේ මට මගේ මිනහා තමයි මේ රස්සාව ඉගැන්නුවේ. මට දැන් අවුරුදු 104යි. මම තවමත් කුරුඳු රස්සාව කරනවා.

ගඟ අද්දරට මම හැමදාම යනවා පලා නෙලන්න.මම ඉස්කොලයේ ගියේ නෑ. දරුවෝ  අටක් ඉන්නවා. මගේ තාත්තා අල්ගෙවත්තගේ පිම්පෝහාමි,අම්මා කූණගේ සොපිහාමි.මට දරුවන්ගේ දරුවන්ගේ දරුවෝ. මිනිබිරියන්ගේ මුණුබුරන්ගේ දරුවෝ හැටක් හැත්තෑවක් ඉන්නවා.තුන් මුණුඹුරු මිනිබිරියන්ගේ ද මුහුණ බලන්නට මට වාසනාව තියනවා.

දැන් මගේ ලොකු එකා පුතා පබාරිස්  ඌට  වයස හත්තපහයි (75) ක් වෙනවා. ලොකු දුව කුසුමාවති ඒකිට (74) ක් වෙනවා.දෙවැනි දුව අමරාවතියා ඒකිට මගේ හිතේ (68) යි.

මගේ ලොකු එකා පුතා පබාරිස්,ඌගේ කුරුඳුවාඩියේ තමයි මම මිහිහගේ රස්සාව කරන්නේ කුරුඳු තැලීම.මගේ මිනිහගේ නම තමයි මානියෙල් අප්පුනේ.

මම මස් මාළු කන්නේ නෑ.බිත්තර කන්නේවත් නෑ. කේක් වලට දමලාවත් කන්නේ නෑ.කොල මාළුක්,කොස් පොලොස් අල කැකුළු හාල් බත් තමයි කන්නේ.පන්සල් යනවා.මම බන ඉවරවෙන කම් බිම  වාඩිවෙලා බණ අහනවා. ගමේ පන්සලේ අපේ ලොකු හාමුදුරුවෝ කියනවා බනට මේ බලන්න වයස 104 යි එන්සෝහාමි අල්ගෙවත්ත උපාසිකාවට ඇඹරෙන්නේ නැතිව අතපය දිග හරන්නේ නැතුව බිම වාඩිවෙලා බන අහනවා. අනෙක් සමහර උපාසක උපාසිකාවෝ සමහරු එහෙම පැයක් එක හමාරක් එක විදියට බිම වාඩිවෙලා ඉන්න බෑ කියාලා හාමුදුරුවෝ කියනවා.

වැඩක් කරන්නම තමයි හිතෙන්නේ.නිකන් ඉන්න බෑ කම්මැලියි.එදත් මම උදෙන්ම අවදිවෙලා තමයි ගේදොර කටයුතු කලේ. අදත් මම උදේ තුන හතර වෙන කොට අවදි වෙනවා. කුරුඳු රස්සාවව කරනවා.මක්කැටෙයි කාටවත් වදයක් වෙන්නේ. අපේ පවුලේ 8 දෙනාගෙන් මමයි තව නංගියෙකුයි මල්ලා දෙන්නයි තවමත් මේ ගමේ ජීවත් වෙනවා.

මගේ නංගිත් දැන් වයස එකසිය එකයි.මල්ලිලා දෙන්නටත් සියට කිට්ටුයි වයස.මගේ මිනිහගේ නම මානියෙල් අප්පු උන්දෑ මලා.ඒ  කාලයේ මේ පැත්තේ තිබුණේ හේන් පසුව තමයි මේ ඉඩම් මේ ආසනයේ මන්ත්‍රී පින්ස් ගුණසේකර මැතිතුමා මේ ඉඩම් අපට නොමිලයේ බෙදලා දුන්නේ යැය කියන්නීය.

තේ කහට ටික නිවෙනව,බිලා හිටියං අත්තම්මා මට ලොකු කිතුල් හකුරු කෑල්ලක් එක්ක තේ කහට කෝප්පයක් දෑතින්ම දී සංග්‍රහ කරන්නට ද අමතක නොකළාය.මේ අම්මා දිරිය යකඩ ගැහුණියක මෙන් ජීවන ගමනේ කතාව අපට කියන ගමන්ම ආගනුතුව සත්කාරයද අමතක නොකළාය.

මම 104 ක් ජීවත්වෙලා ඉන්න හේතුව කම්මැලි නැතිව වැඩ කරනවා නම් වැඩිපුර ජිවත් වෙන්න හැකියි කියලා තමයි රටටම කියන්න තියෙන්නේ ඇය කියන්නීය.

මම කෙල්ල කාලයේ ගැටිස්සි කලයේ ඉදන් කුරුදු හේන් උදළු ගෑම සිදු කරා. පසුව ගෙදර මිනිහ එක්ක කසාද බැන්දට පස්සේ කුළි වැඩවලට ගියේ නැ. එදා ඉදන් මම මගේ මිනිහා එක්ක කුරුඳු තැලීමේ රස්සාව තමයි කෙරුවේ. දරුවෝ 10 ක් වැදුවා ඒ කාලයේ ඉස්පිරි තාලලේ ගියේ නැ. වින්නපු අම්මා ගෙදරට එනවා. මම දීග යන විට මගේ හිතේ යන්තම් වයස 16ක් උනා විතරයි මගේ හිතේ.

ඒ කාලයේ මේ වාගේ මේ ගමේ තිත්තගල්ලේ පාරවල් දියුණු වෙලා තිබුනේ නැ. ගාලු පාරේ තමයි බස් ගියේ කෝච්චි ද අහංගම කතළුව හරහා යනවා මට මතකයි.මම ගෙදරට අවශ්‍ය තුනපහේ ගෙන එන්න ගියේ පෙට්ටිය අරගෙන බඩු ටික අරගෙන මම පයින්ම තමයි අහංගම කඩ පොලේ ඉදලා එන්නේ.එදා මේ පරවල්වල ඉද හිට කරත්තයක් දෙකක් එන අවස්ථාද තියනවා.අපි පයින්ම එනවා. අපිට බඩු කර තියාගෙන පයින් හැතැම්ම හතක් අටක් ගාටන එක මහ පොකු කච්ජක් නෙවෙයි. බයිසිකල් තිපුනේ එකක් දෙකක්. පයින්ම තමයි අපි කඩ පොලට සතියකට සැරයක් ගියේ ආවේ. අහළ පහළ ගැණු එක්ක අරවා මේවා දොඩ දොඩ ( කතා බහ) එන කොට මහන්සියක් නෑ.

වී හාල් ටික අපිම වංගෙඩියේ කොටා ගත්තා. දුරු තුන පහ කරවල මාළු වගේ දේ විතරයි අහංගම කඩ පොලෙන් ගත්තේ. මගේ මිනිහා කුරුඳු වාඩීයේ ඉන්න නිසා මමත් කුරුඳු වාඩියේ වැඩට යනවා. දරුවෝ බලා ගන්න ගමන් මම කුරුඳු වැඩියේ වැඩ කරනවා. මිනිහාගේ රස්සාව ඔන්න එහොම තමයි පුරුදු උනේ. දරුවන්ට කන්න බොන්න උයන්න පිහින්න වැඩිවෙලාවක් ගත උනා දුසිමකට ආසන්න ඈයොන්ට (අපේ පිරිස) උයන්න එපා..යැ… අනෙක අහළ පහළ දරුවන්ද එනවා බත් ඩිංගිත්ක් කන්න.උන්නටත් බොක්ක පිරෙන්ම මම කන්න දෙනවා. වාඩි හොද්ද බත් එක්ක කෑවම බත් මරන්න ම කන්න හැකියි.

අපි දරුවන්ට කන්න දුන්නා. ඒ කාලයේ පත්තර බලන්න රෙඩියෝ අහන්න වෙලාවක් තිබුනේ නැ.ගෙදර සුමේ ( රාජකාරි) කරලා  ඉවර උනාම දැවසම කම්මුතු( අවසන් වීම) වෙනවා.

කොස්,දෙල්,අල,බතල නම් ගෙදර බතට වරදින්නේම නෑ. එදත් හොදට කෑවා.මට දැන් 104 යි අදත් හොදහැටි කනවා. දු දරුවන් දීගතල දුන්නා. උන්ගේ දූ  දරුවන්ගේ දරුවන්ද මට බලන්න හැකි උනා. මගේ සහෝදරයන් සහෝදරියන්ද මේ ගමේම තමයි ජීවත් වෙලා ඉන්නේ.

ඒ අයගේ දරුවන් මගේ දරුවන්ද සියලුම දෙනා මාව බලන්න එනවා. කොරොනාවලට පස්සේ තමයි. පන්සල් යන ගමන නතර කළේ මම ගෙදරට වෙලා පෝයට සිල් ගන්නවා. ලෙඩක් දුකක් උනාම ගන්නවයි කියලා බෙහෙතේ ගන්නේ නැ. ඉද හිටලා ඇඟපත වේදනාවට බෙහෙත් ගන්නවා. මම වැඩ කරනවා ඇවිදිනවා. තිත්තගල්ලේ පෑලැස්සේ මිරිස් වත්තේ ආච්චි කීවාම මේ ගම් පළාතේ නොදන්න කෙනෙක් නැ.

බෝම්ම දැම්මනේ දෙවන ලොක යුද්දේ කාලවල දී කියලා කියන කොටත් අපිට බයයි. මට මතකයි ලෝක යුද්ධ කාලයේ මහා හටන් අහසින් ගුවන් යායා යනවා. නලා පිබිනවා.මේ එහා ගම්මානවල මහ කැලේ මහා වළවල් කපාලා වළ දැම්මා මේනවාද කියලා මට මතක නෑ අම්මා තාත්තලා ඒ බව කියනවා දොඩනවා මට මතකයි.අදවාගේ මොනද වළ දැන්මේ කියාල දන්නේ නෑ.

අපි ඉතිං වැඩිහිටියන් කතාකරන මැද්ට පනලා කාත කරන්නේ  නෑනේ.අහස් යාත්‍රා එනවා නාලා පිබිනවා. කාබේරි මේ ගම්වල ද එහා මේහා යනවා දැක්කා.සුද්දෝද අඩුවක් නෑ. මේ පළාත්වලත් සුද්දෝ හිටියා දුව ඇවිදා ගම්වල යනවා.මම දැක්කා උන් හරියට යකුකු වගේ . අපි හැංගිලා බලා හිටියා මතකයි අද වගේම ම මට මතකයි.

ලෝක යුද්ධ කාලයේ තොරතුරු මට මතකයි.නිදහස් සැමරුම ප්‍රථම නිදහස දිනයත් මට මතකයි.දෙවැනි ලෝක යුද්ධයට ලංකාව පැටළුණේ එවකට මෙරට බ්‍රිතාන්‍යයට යටත් විජිත රටක් ලෙස පැවැතීම නිසා නේ. ජර්මනිය, ජපානය හා ඉතාලියට එරෙහිව මිත්‍ර පාක්ෂික හමුදා යුද වදින විට ලංකාවද පැටලුනා කියලා මගේ මිනිමා කුරුඳු වාඩියේ කුරුඳුතලන කල්ලියේ ඈයෝ එක්ක කත කරනවා මට මතකයි.

මම දරුවන් එක්ක කුරුදු වැඩියේ ඉන්නවා. සුද්දෝ එන කොට අපි හැංගෙනවා. බබලත් ඇත්තෝ ඇහැට කනට පේන්න ඉන්න ගැණු සුන්දන්ට පෙන්න්න බෑ. පස්සෙන් එනවා. ඒ නිසා ගමේ ගෑණු හැංගිලා වගේ තමයි ඉන්නේ.

මම ආගම දහම අනුව ජීවත් වෙනවා. නිදහසේ වැඩිය කරදර ඔළුවට ගන්නේ නෑ. දු දරුවන් මාගේ පිණිබිරි මිණිබියන් මට සලකනවා බලනවා. මට සතුටුයි. මම කියන්නේ මට මගේ හතර වරිගයේම ඇයෝ සලකනවා කාටත් උදව්වක් කරගෙන කාටවත් කරදරයක් නොකර මම ජීවත් වෙනවා. මට දැන් වයස අවුරුදු 104 යි.මම තවම මගේ වැඩ තනියම කරගෙන යනවා.කුරුඳු තලන රස්සාව දිගටම කරගෙන යනවා යැයි, යැය කීවාය.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Related posts

Leave a Comment