සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම හොද මට්ටමක

නව වර්ෂයේ පාසල් ආරම්භ කිරිම අද 11වන දින සිදුවු අතර එම පාසල් ආරම්භයත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම හොද මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 150ක් පවතින බවත් එයින් පාසල් 149ක් අද දින අධ්‍යාපන කටයුතු සදහා ආරම්භ කල බවත්ය.

මෙම පාසල්වල සිසුන්ගේ පැමිනිම සියයට හැත්තැවත් හැත්ත පහත් අතර (70%ත් 75%ත් )අතර පවතින බවත් ගුරුවරුන්ගේ පැමිනිම සියයට අනු දෙකත් අනු පහත් අතර (92% ත් 95%ත්) පවතින බවද පවසන ලදි.

නව වර්ෂයේ පාසල් ආරම්භ විමත් සමග සිසු දරුවන් ඉතාමත් ආසාවෙන් හා කැමැත්තෙන් පාසල් පැමිනෙන බවත් තම දරුවන් පාසල් එවිම සදහා බොහෝ දෙමාපියන්ද කැමැත්තක් දක්වන අතරම සමහර දෙමාපියන් තම දරුවන් පාසල් වෙත රැගෙන එන අකාරයක්ද දක්නට ලැබුන බවත් මෙය ඉතා හොද ආරම්භයක් බවට තමන්ට හැගෙන බවද තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts