පාසල්වල සිසුන්ගේ පැමිණිම ඉතාමත් අඩු මට්ටමකට

හැටන් නගරයේ පාසල් කිපයකින් කොවිඩ් ආසාදිත සිසුන් කිපදෙනකු ගුරුවරුන් දෙතුන් දෙනකු හමුවිමත් සමග හැටන් නගරයේ පාසල්වල සිසුන්ගේ පැමිනිම ඉතාමත් අඩු මට්ටමකට පත්ව ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නගරයේ විදුහල් තුනකින් මේ වන විට කොවිඩ් ආසාදිත සිසුන් කිපදෙනකුද එක් විදුහලකින් කොවිඩ් ආසාදිත ගුරුවරුන් දෙදෙනකුද හමුවිමත් සමග පාසල්වලට සිසුන්ගේ පැමිනිම අඩු මට්ටමක පවතින බවත්ය.

මෙසේ විදුහල්වලින් තෙකාවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග සිසුන්ගේ දෙමාපියන් තම දරුවන් පාසල් එවිමට අකමැත්තක් දැක්විමත් මත මෙසේ පාසල්වලට සිසුන්ගේ පැමිනිම අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

බොස්කො විදුහල යළි ආරම්භ කරයි

කොවිඩ් ආසාදිත සිසුන් 09ක් හා ගුරුවරුන් දෙදෙනකු හමුවිමත් සමග තාවකාලිකව වසා දැමුන හැටන් බොස්කො විදුහලේ අධ්‍යාපන කටයුතු  01වන යලි ආරම්භ කිරිමට පියවර ගත් බව එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සංකර් මණිවන්නන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඒ මහතා පවසන ලද්දේ මෙම විදුහලේ 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 09 හා ගුරුවරුන් දෙකක්  කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමත එය ව්‍යාප්තවිම වැලැක්විම සදහා පසු ගිය 27වන දින විදුහල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවත්ය.

විදුහල වසා දැමිමෙන් පසු විදුහල විෂබීජහරයට ලක්කර 01වන දින යලි අධ්‍යාපන කටයුතු සදහා විදුහල ආරම්භ කල බවත් කොවිඩ් ආසාදිත සිසුන් හමුවු 10වන ශෙශ්‍ර්ණියේ පංති කාමරය තව දුරටත් වසා දැමිමට පියවර ගෙන ඇති බවද සංකර් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts