කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිරී යාම හේතු කොට ගෙන මහජනතාව ගැන සලකා බලා අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය කල් දමන ලෙස දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවස්ථාවේදී අපේ අවධානය වඩාත් යොමු විය යුත්තේ ජනතාව දෙසට බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය මෙම වෛරසය පැතිරී යාම වැළැක්වීමට අදාළ සියලු පියවර ගන්නා ලෙස රජයට දන්වා සිටියි. ඒ සම්බන්ධයෙන් රජය ගන්නා සියලු ක්‍රියාමාර්ගයන්ට දෙමළ ජාතික සන්ධානය සහය දෙන බවද දන්වා සිටියි.
Read MoreAuthor: Daily Reporter
ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක
ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දින උළෙල පසුගිය පෙබරවාරි 04 වන දින අභිමානවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකා ජාතික ගීය අභිමානයෙන් යුතුව සිංහල බසින් ගැයුණි. එය දෙමළ බසින් ගැයීම වළක්වා තිබුණි. බොහෝ සිංහල දේශප්‍රේමීන් මේ පිළිබඳ උද්දාමයට පත් වද්දී දෙමළ ජාතිකයන් මෙය මගින් ආන්තීකරණයකට ලක් වන බවට මතයක්ද දැරූ පිරිසක් විය. එකී පිරිස රාජ්‍ය විරෝධී NGO කාරයන් ඩොලර් කාක්කන් ලෙස හංවඩු ගසා තිබුණි. මුලින් මෙම සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයිය යුතු පවසන පිරිස දෙමළ බසින් ජාතික ගීය ගැයීමට ව්‍යවස්ථාපිතව ඉඩක් ලංකාවේ නොමැති බව පැවසූ නමුත් එකී තර්කය ව්‍යවස්ථාව පිළිබද නීති විශාරදයන් විසින් ඉතා පහසුවෙන් බිඳ හෙලන…
Read Moreදංගෙඩියට දක්කන්නේ ප්‍රසන්න රණවීර පමණද? නීතිඥ දුලාන් දසනායක
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ නිල සංචාරයකට එක් වීම බරපතල ලෙස විවේචනයට ලක් වී තිබේ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේදී පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කල මන්ත්‍රීවරයා ලෙසය. මහින්ද රාජපක්ෂ මහතාව කුමන්ත්‍රණකාරී ලෙස අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමේ සටනේ ප්‍රධාන චරිතයක් වූයේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාය. ඔහු අතින් පයින් පහරදීමෙන් පමණක් නොව මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීමෙන්ද තම ස්වාමියා වූ මහින්ද රාජපක්ෂ මහතාට ඒ අවස්ථාවේදී සේවය කරන ලදී. ඔහුට අනපේක්ෂිත ලෙස රාජ්‍ය දූතයකු ලෙස අගමැතිවරයාගේ ඉන්දියානු නිල සංචාරයට එක්…
Read Moreපොලීසියට හොයාගන්න බැරි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිදහස් උළෙලේ පොලිස්පති, නීතිපති අසළම.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල තරුණයන් 11ක් කප්පම් ගැනීම උදෙසා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව මේ වන විටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතී. එකී නඩුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. පසුගිය පෙබරවාරි 06 වන සිකුරාදා මෙම නඩුව විමසීමට ගත් අවස්ථාවේදීත් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. මෙලෙස ඔහු අධිකරණය මග හැරියේ 3 වන වරටය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් පොලීසියට හොයා ගන්න බෑලු මෙහිදී වැලිකඩ පොලීසිය ප්‍රකාශ කලේ සිතාසි භාර දීමට ඔහු…
Read Moreසිතීමේ හා ලිවීමේ නිදහස මා තහවුරු කරනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7වන විධායක ජනාධිපති ලෙස 72 වන නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතා ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද කතාව. ‘‘ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙමිනුයි. මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සියලූ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා. ශ්‍රී ලංකාව තුල ජීවත්වන සෑම පුරවැසියෙකුටම…
Read Moreඉදිරියේදී ජනතාවගේ ඉඩම් අක්කර 146,931 ක් ඔවුන්ට අහිමි වීමට නියමිතයි
විවිධ කරුණු අරඹයා ඉඩම් අත්පත් කර ගැනීම හේතුකොට ගෙන මේ වන විට ජනතාවගේ ඉඩම් අක්කර 75573ක් ඔවුන්ට අහිමි වී ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට අවතැන් වී ඇති පවුල් සංඛ්‍යාව 38455ක් බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියට යෝජිත විවිධ ව්‍යාපෘති හා විවිධ කාරණා වලදී අත්පත් කර ගැනීමට නියමිත ජනතාවගේ ඉඩම් ප්‍රමාණය අක්කර 146,931ක් බවයි. මෙම අදහස් ඒ මහතා ප්‍රකාශ කළේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) හා ඉඩම් අයිතිය සඳහා ජනතා සන්ධානය (PARL) එක්ව අද දින (28) කොළඹ පදනම් ආයතනයේදී “ආණ්ඩු මාරුවෙන් නොවිසඳෙන ඉඩම්…
Read Moreදුරකතන සංවාදවල නිරත විනිසුරන් ගැන කඩිනම් පරීක්ෂණයක් මහාධීකරණ විනිසුරු සංගමයත් ඉල්ලයි
මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා ඇතැම් විනිසුරුවරුන්ගේ දුකතන සංවාද හේතු කොට ගෙන අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසය හා ප්‍රතිරූපය බිඳ වැටෙන බවත් එමෙන්ම එය අධීකරණයේ ස්වාධීනත්වයටද තර්ජනයක් බව මහාධීකරණ විනිසුරු සංගමය කියයි. එම නිසා එකී දුරකතන සංවාද වලට අදාළ විනිසුරුවරුන් පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි මහාධීකරණ විනිසුරු සංගමය ගරු අගවිනිසුරුතුමාගෙන් හා අධීකරණ සේවා කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇත. මහාධිකරණ විනිසුරු සංගමය ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔවුන්ගේ විශේෂ රැස්වීමක් පසුගිය බදාදා පැවැත්වීමෙන් අනතුරුවය. මෙම ලිපියට සංගමයේ සභාපති සම්පත් අබේකෝන් හා ලේකම්…
Read Moreදුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද මගින් මේ දිනවල දේශපාලන ලෝකයත් සමාජයත් කැළඹීමකට ලක් කර තිබේ. මෙම සංවාද මාධ්‍යයට නිරාවරණය වූයේ කෙසේද යන්න වෙනම කාරණයකි. පසුගියදා රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසියකදී මෙම සංවාද ඇතුළත් සංයුක්ත තැටි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවක් කියවේ. එසේ නම් පොලීසිය භාරයේ තිබුණු සංයුක්ත තැටි ජනමාධ්‍ය වෙත අධික වේගයෙන් ලැබුණේ කෙසේද යන්නද තවත් ප්‍රශ්නයකි. විශේෂයෙන් රන්ජන් රාමනායක පිළිබඳව යම් විමර්ශනයක් සඳහා අවශ්‍ය වන මෙම සංවාද ජනමාධ්‍යයට නිකුත් වූයේ කෙසේද යන්න අපරාධ විමර්ශනයේදී පැන නගින තවත් බරපතළ ප්‍රශ්නයකි. මේ සියලු හඩ පට ප්‍රමාණය අතිවිශාල සංඛ්‍යාවක් වුවද…
Read Moreඋදේ සිරදඩුවම් ලත් සරණට හවස ඇප ලැබෙයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටි කාලය තුළදී රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අද උදෑසන කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිරදඩුවමක් හා සිරදඩුවමට අමතරව රු.300,000/-ක දඩයක් නියම වූ සරණ ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද සවස කොළඹ මහාධීකරණයෙන් ඇප නියම කර තිබේ. සඑණ ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධීපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් කොළඹ මහාධීකරණය වෙත ඉදිරිපත් කරන ලද අභියාචන ඉල්ලීමක් සලකා බලමින් කොළඹ මහාධීකරණය ඒ මහතාට ඇප නියම කර තිබේ.
Read Moreසුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මිනිසුන් ඝාතනය කිරීම පිළිබද විසතරාත්මක මාධ්‍ය සාකච්ඡාවක් ජනාධිපතිවරණ සමයේ සිදු කිරීමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය. මෙහිදී එකී සැකකරුවන් තිදෙනාට විදෙස් ගමවන් තහනමක් පැනවීමටද ගරු අධිකරණය පියවර ගනු ලැබීය.
Read More