සුභාෂිණි චතුරිකා ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගන ශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය නිසා ඔහු මහත් ජනප්‍රසාදයට පත් වු අතරම 1991 වසරෙදි ඔහුගේ එම විශිෂ්ඨ රංගනය නිසා ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ද පිදුම් ලැබීය. ඔහුගේ දායක්තවය සැපයුණු චිත්‍රපට සමුහය අතරින් The Mask of Zorro, The Bounty, Meet Joe Black, The Elephant Man, Magic, 84 Charing Cross Road, Bram Stoker’s Dracula, Legends of the Fall, Thor, The Remains of the…
Read MoreAuthor: k k sanjeewa
අජිත් තිලකසේන යනු කවු ද?
– අරුණ ප්‍රේමරත්න – අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. ‘වතුර’ නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා. අජිත් තිලකසේන නොමැතිව සිංහල කෙටි කතාව ගැන හැදෑරිය යුතු යැයි විෂය නිර්දේශය සකසන ආචාර්ය මහාචාර්යවරැන් තීරණය කර තිබීම නිසා ඔහු තරැණ පරපුරට අතපසු වීම පුදුමයක් වන්නේ නැහැ. සිංහල සාහිත්‍යයට…
Read Moreමේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!
-රසික ජයකොඩි- මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව පෙනෙන්න තියෙනවා. නතාෂා එදිරිසූරියගේ කොමඩිය නිසා බෞද්ධයන්ගෙන් සැළකිය යුතු පිරිසකට සාධාරණ සිත් රිදවීමක් සිදුව තිබෙනවා. ඒත් දැන් සිදුවන්නේ ඒ ප්‍රකාශය නිසා බොර වුණු දියේ වෙනත් අය තමන්ට කැමති විදියට මාළු බෑමයි. නො එසේ නම් ඒ ප්‍රශ්නය පිටින් දමා තමන්ට තියෙන වෙනත් දේශපාලන ඇරියස් කවර් කරගැනීමයි. මේ වන විට ලංකාව තියෙන්නේ විශාල ආර්ථික ගිනි කන්දක් උඩයි.…
Read Moreලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?
ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු ගෙවන්න වෙනවා. කලින් කළේ අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. දැන් කරන්නෙත් අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. කලින් අලුත් ණය අරගෙන පරණ ණය හා පොලී ගෙවද්දී ණය එන්න එන්නම වැඩි වුනා. අන්තිමට ණය තිරසාරත්වය නැති වෙලා ණය පැහැර හරින්න සිදු වුනා. දැන් අලුත් ණය අරගෙන පරණ ණය හා පොලී ගෙවද්දීත් ණය එන්න…
Read Moreප්‍රංශය ම පෑනෙන් ඇල්ලූ, ජේත්තුකාර පත්තරකාරයා “බෙල් අමී”
සර්වකාලීන පුද්ගල චරිතයකට පණදුන් ප්‍රංශ මහා සාහිත්‍යය කරු මෝපසාං. එදා පැරිසිය අද කොළඔ ද දිල්ලිය ද මතු නොව ලොව තවත් මහා නගරවල ද සැරිසරන “ජෝර්ජස් ඩියුරෝ යි ලා” ලෝක සම්භාව්‍ය සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත් ප්‍රංශ මහා ලේඛක ගී ද මෝපසාං ගේ [Guy de Maupassant] විශිෂ්ටතම නවකතාව, Bel Ami හෙවත් පෙම්බර මිතුරා. ලොව විශිෂ්ට සාහිත්‍යකරු ගී ද මෝපසාං ගේ සාහිත්‍ය ජීවිතය තුළ ලියන්නට යෙදුණු නව කතා හය අතුරින් බෙල් අමී නවකතාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් බව ලොව පාඨක විචාර මතයයි. සම්පූර්ණ විවෘතභාවයකින් යුතුව එවකට පැරිසියේ පැවති දූෂිත සමාජ සම්මතයන්…
Read More