පාතාලයෙන් අපි නිදහස්!

පාතාලයෙන් අපි නිදහස්!

ශරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රථික්ෂේප කර තිබෙන්නේ ඒවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවට විද්‍යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්‍රමයට, වෙනත් ආකාරයේ හිංසා ක්‍රමයන් මෙන්ම මරණීය දණ්ඩනය ලබා දීම පවා සම්පුර්ණයෙන් නතර කොට තිබේ. ශ්‍රී ලංකාව තුළත් මේ ක්‍රමය ක්‍රියාත්මක වන අතර, අධිකරණය මගින් මරණ දඩුවම නියම කරනු ලැබුවත්, ඔවුන් ඒල්ලා මැරීම සිදු කිරීම දැනට දශක කිහිපයක් තිස්සේ සිදු නොකරයි. පසුගිය යහපාලන රජය සමයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණ දඩුවම හිමි වූ පුද්ගලයින්ට මරණ දඩුවම…

Read More

තවත් අමාත්‍යංශ දෙකක් !

තවත් අමාත්‍යංශ දෙකක්

නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ. ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම තාක්ෂණ අමාත්‍යංශය ස්ථාපිත කරන බව ඒම ගැසට් නිවේදනයේ සදහන් වේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඒම අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ද ආයතන, පරිගණක හදිසි…

Read More

ආණ්ඩුවට අවුරුද්දයි,

ආණ්ඩුවට අවුරුද්දයි,

නොවැම්බර් 18 ලංකාවට විශේෂ දිනයක්, ඒ වර්තමාන අගමැති මහින්ද රජපක්ෂ මහතාගේ 75 වන ඡන්ම දිනය යෙදී තිබීමත්, සහ ඔහුගේ සොයුරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා මේ රටේ 8 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වසරක් සම්පුර්ණ වීමත් ඒදිනට යෙදී තිබීමත් නිසාය. වත්මන් රජයට පසුගිය රජයට සාපේක්ෂව විශාල ජනවරමක් හිමිව තිබූ තිබේ, ජනාධිපතිවරණයේ දී හැට නම ලක්ෂයකට වැඩි පිරිසක් වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර, ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සදහා තුනෙන් දෙකකට ආසන්න ජනවරමක්ද මෙම රාජපක්ෂවරුන් වෙත මෙරට බහුතර ජනතාව විසින් ලබා දී තිබුනි. ඊට පෙර පසුගිය රජයට නොති බූ පළාත්…

Read More

ජනාධිපති ගෝඨාභය ෆේල්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය ෆේල්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී වසරක් සපිරෙමින් තිබේ. ඒ හා සමගම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ ඔහු අසමත්ය හෙවත් “ස” ෆේල් ප්‍රචාරණ ක්‍රියාමාලාව හේතුවෙන් ආණ්ඩු පාක්ෂිකයන් කුපිත වී ඇති බව පෙනේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් දිනමිණ පුවත්පත විසින් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කළේ ආණ්ඩුව අසමත් නැති බව කියමිනි. එය ඇත්තෙන්ම ආණ්ඩුවට හිතවත්බව පෙන්වමින් ආණ්ඩුවට ඍණ ප්‍රචාරයක් ලබාදුන් ශීර්ෂ පාඨයක් විය. අසමත් නැතිනම් ෆේල්ය කීම ගැන ඔය තරම් කලබල විය යුතු නැත. මේ අන්දමින්ම කලබල වූ තවත් ආධුනික දේශපාලකයකු වූ රාජ්‍ය ඇමති චන්න ජයසුමන එය රාජ්‍ය නොවන…

Read More

භූමිදානය ගැන තීන්දුවක් ගත්තේ කැබිනට් රැස්විමේදි – අමාත්‍ය චමල් රාජපක්ෂ

භූමිදානය ගැන තීන්දුවක් ගත්තේ කැබිනට් රැස්විමේදි - අමාත්‍ය චමල් රාජපක්ෂ

කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ් සඳහා යම්කිසි ප්‍රදේශයක් ඉකුත් සඳුදා පැවති කැබිනට් මණ්ඩලයේදි නියම කළ බවද ඔහු පවසයි. බෞද්ධ ජනතාව හා හින්දු ජනතාවද ඔවුන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන් ඉෂ්ඨ කරන්න ඉලුවහොත් සෞඛ්‍ය නීති රීතින් වලට පටහැනි නොවි සිදු කිරිමේ වරදක් නැතැයිද නමුත් පළමුව නොමැරී ජිවත් විමට උත්සහ ගත යුතුව ඇතැයිද ඔහු පවසයි. පෞද්ගලික සමාගම් රැපිඩ් ඇනිටිජන් ටෙස්ට් කට්ටල ගෙන්විම සම්බන්ධයෙන් මෙහිදි මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ සෑම දෙයකටම…

Read More

පළමු ලෝක යුද්ධයට වඩා මිනිසුන් මරණයට පත් වූ ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ

පළමු ලෝක යුද්ධයට වඩා මිනිසුන් මරණයට පත් වූ ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට කොරෝනා හෙවත් කොවිඩ්-19 (COVID-19) වෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද වන විට මේ වසංගතය හේතුවෙන් මිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක් (1,302,129) මරණයට පත් වී තිබෙනවා. චීනය මුල් කරගෙන මෙම වසං ගතය ආරම්භ වූවත්, වසංගතයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමරිකා ඒක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව වී තිබේ. ඒමෙන්ම මෙම වසංගතයේ දිනකට මිය යන වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ ඇමරිකාවෙනි. වසූරිය – 17 සහ 18 වැනි සියවස (මිය ගිය ප්‍රමාණය මිලියන 300ත් – 500ත් අතර) මීට පෙර ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වූ pandemic තත්ත්වයක්…

Read More

විජේවීර ඝාතණය කර අදට වසර 31යි

විජේවීර ඝාතණය කර අදට වසර 31යි

අදට යෙදෙන රෝහණ විජේවීරගේ 31 වැනි මරණ අනුස්මරනය වෙනුවෙන් දයාපාල තිරණාගම විසින් ඔහුගේ මුහුණ පොතට ඇතුලත් කර තිබූ ලිපියක්.. රෝහණ විජේවීර (14/07/1943-13/11/1989) ********************************************* නායකයන් මුහුණදෙන මාරක අනතුර ඔක්තෝම්බර් විප්ලවයට සතියකට පමණ පෙර විප්ලවය පරාජය වුවහොත් අපට කුමක් වේදැයි  ලෙනින් විසින් ට්‍රොට්ස්කි ගෙන් ඇසු  බව කියයි. එයට ට්‍රොට්ස්කි ලෙනින් ට උත්තර දුන්නේ තවත්  ප්‍රශ්ණයකිනි. විප්ලවය දිනුවොත් අපට කුමක වේදැයි ට්‍රොට්ස්කි ලේනින් ගෙන්  අසා ඇත. මෙයින් ඉඟි කරන්නේ  සෑම පරාජිත සන්නද්ධ නැගිටිමකින් පසුව එහි නායකයන්ට අත්විය හැකි ඉරණමය. ඔව්හු  බොහෝවිට ඝාතනය වූ හ. මෙය ජාත්‍යන්තරව මෙන්ම දේශීය වශයෙන්ද  සත්‍යයක්  වෙයි. උතුරේ කොටි…

Read More

ජන මාධ්‍ය හා ජඩ මාධ්‍ය

ජන මාධ්‍ය හා ජඩ මාධ්‍ය

කිසියම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මවතේ ගෙන යාම සදහා එරට ක්‍රියාත්මක ජනමාධ්‍ය කරනුයේ  එහි විශාල කාර්‍යභාරයකි. නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍යයක් යමකිසි රටක පැවතීම එය ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාවට ඉතා අගනේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් ලෙස සැලෙකෙන ජනමධ්‍ය අල්ලස, දූෂණයට, අපරාධයන්ට එරෙහිව නිර්භීතව තම රජකාරිය ඉටු කළ යුතුවා මෙන්ම, ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයින් මෙන්ම දේශපලනඥයින් අතින් සිදුවන දූෂණ අක්‍රමිකතාවයන් සම්බන්ධවද එකසේ කටයුතු කළ යුතුය. නමුත් ඉහත මුලධර්ම හෝ ප්‍රතිපත්ති මත තම වෘත්තීය ගරුත්වය කෙලෙසා නොගනමින් කටයුතු කරනු ලබන මාධ්‍යවේදීන් අද අප රටෙන් සොයා ගැනීම කළුනික සෙවීමටත් වඩා අමාරු කාරියකි. විවිධ දේශපාලඥයින්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ පටු…

Read More

මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?

මාකඳුරේ මධුෂ් අනාවරණය කළ බව කියන තොරතුරකට අනුව දෙමටගොඩ, ඇපල් වත්තේ, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකිර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේ පාතාල සාමාජිකයින් පිරිසක් ඒල්ල කළ වෙඩි පහරකින් මාකඳුරේ මධුෂ් ඝාතනය වු බව පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (20) අලුයමය. ඝාතකයින් පැමිණි යතුරු පැදියක් හා ගිනි අවියක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාශය සමත් වී තිබු අතර නිවාස සංකීර්ණයේ සඟවා තිබු හෙරොයින් කිලෝ 22 ක් සොයා ගත් බවද පොලිසිය ප්‍රකාශ කර තිබුණි. උප්පැන්න සහතිකයට අනුව ඔහුගේ නම සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිතය. පදිංචිය කඹුරුපිටිය, ගතාර, සමරගිර ලිපිනයේය. මධුෂ් ලක්ෂිත…

Read More

පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්!

පොලිස් අත්අඩංගුවේදි තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඒම්.ඒස්. වන්නිආරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර තිබේ. ඒමෙන්ම ඒම පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වෙනුවනට නව ස්ථානාධිපතිවරයෙක් පූගොඩ පොලිස් ස්ථානයට පත් කිරිමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ. මෙලෙස නව ස්ථානාධිපතිවරයා වශයෙන් පත් කර ඇත්තේ හාලිඇල පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ්.ඒම්. පී.කේ. චන්ද්‍රසේකර මහතාය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කළ ඇති අතර, ඒ් අනුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරිමටත් පොලිස් සැරයන්වරයා…

Read More