Author: Daily Reporter
පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්.
ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා විශේෂිත ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ විශේෂ නියෝග හා උපදෙස් පරිදි මෙම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කර ඇත. පාතාල කල්ලි සාමාජිකයින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන්, නීති විරෝධි අවි භාවිතා කරනු ලබන්නන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන් පාරිසරික වැරදි හා වෙනත් වැරදි කරන්නන් පිළිබඳ වු නිවැරදි තොරතුරු මෙහිදි මහජනතාවගෙන් ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. 011 – 2580518 හා 011 – 2058552 යන දුරකථන අංක ඔස්සේ ද, 011 – 2588489 ෆැක්ස් අංකය ඔස්සේද නැතහොත් [email protected]…
Read More08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද
08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු ලැබුවේය. ඒ අනුව අද දිනයේඅට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන්,අගවිනිසුරුවරයා ,උපරිමාධිකරණ විනිසුරුවරුන්,හා නීතිපතිතුමා ඇතුළු 600කට අධික සම්භාවනීය අමුතත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතය. සබාවාරය…
Read Moreසෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ අවන්හල් වලට ඇතුලු වීමට අවස්ථාව!
සෞදි අරාබියේ කාන්තාවන්ට ඒරට අවන්හල්වලට වෙනම ප්‍රවේශ වීමට පනවා තිබු තහනම ඉවත් කිරිමට සෞදි රජය තිරණය කර තිබේ. දැඩි නීති සහිත පාලනයක් තිබු සෞදි අරාබියේ මීට පෙර, සියළුම අවන්හල් සඳහා කාන්තාවන් සඳහා එක් පිවිසුමක්ද පිරිමින්ට තනිවම ඇතුළුවීමට වෙනත් පිවිසුමක්ද පැවතුණි. දැඩි පූජකවරුන් සහ ආගමික පොලීසිය විසින් වරක් ක්‍රියාත්මක කරන ලද දැඩි සමාජ නීති යටතේ සම්බන්ධයක් නැති පුරුෂයින්ට හා කාන්තාවන්ට දශක ගණනාවක් තිස්සේ පොදු ස්ථානවල මිශ්‍ර වීම තහනම් කර තිබුණි. නමුත් ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නව ප්‍රතිස්සංස්කරණ අනුව මෙම සම්ප්‍රදායන් ඉක්මවා යමින් ඒරට කාන්තාවන්ට යම් යම් අයිතින් ලබා දීමට…
Read Moreස්විස් තානාපති නිළධාරීනියගෙන් සී.අයි.ඩී යට පැය 5ක ප්‍රකාශයක්!
පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය ඊයේ (08) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇත. පසුගිය නොවැම්බර් මස 25 මෙම නිලධාරිනිය ය රාජකාරී කටයුතු අවසන් කර යළි නිවස බලා ගමන් කිරීමේදී මෝටර් රථයකින් පැමිණි…
Read Moreවැරදි එන්නතකින් පොළොන්නරුව රෝහලේ තිදරු මවක් මරුට!
පොළොන්නරුව රජයේ මහ රෝහලට පාදයේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුලත්වු තිදරු මවකට නොසැලකිලිමත් අන්දමින් පියයුරු පිලිකා රෝගයට ලබාදෙන අධිසැර සහිත ඖෂධ එන්නතක් ශරිර ගතකිරිමෙන් බරපතල ලෙස රෝගතූරුව අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉතා අවසනාවන්ත අන්දමින් ඊයේ (04දා) සවස ජීවිතක්ෂයට පත්වුවාය. පොළොන්නරුව නව නගරයේ ගල්විහාරය අසල පදිංචිව සිටි 52 හැවරදි තිදරු මවකවු මානෙල් කුමාරි අමරකොන් මහත්මිය පොළොන්නරුව මහ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නියුතුව සිටි කාර්ය මංඩලයේ නොසැලකිලිමත් රාජකාරි සිදුකිරිම හමුවේ සිය දිවිය ඊයේ (04දා) සවස අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අවසන් කලාය. රුධිරයේ සීනි මට්ටම ඉහල යෑම…
Read Moreඅන්තර් බලඇණි වොලිබෝල් තරඟාවලිය – 2019
ගජබා රෙජිමේන්තු “අන්තර් බලඇණි වොලිබෝල් තරඟාවලිය – 2019” නොවැම්බර් මස 22 සිට 24 දින දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සෙබළුන්ගේ ක්‍රිඩා කුසලතා ඉහල නැංවීම සහ ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසු නිලයින් අතර සහජීවනය මෙන්ම අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබීය. තරඟාවලිය සඳහා කණ්ඩායම් 18 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිමල්ලවයන් පිටුදැකිමේ ක්‍රමයට තරඟවැදුනි. 2019 ගජබා රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලියෙන් කණ්ඩායම් 3 ක් පරාජය කරමින් අවසන් තරඟයේදී ශූරතාවය දිනා ගැනීමට 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත් විය. අනුශූරතාවය දිනාගැනීමට 3 වන ගජබා රෙජිමේන්තුව සමත් වූ අතර…
Read Moreදකුණු ඉරාකයේ ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබයි.
දකුණු ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ ඇති ඉරාන කොන්සල් කාර්යාලය ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් විසින් ගිනිබත් කර තිබේ. ගොඩනැගිල්ලට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලීසිය සජීවී පතොරම් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. පෙලපාලිකරුවන් ඉරාන ධජය ගොඩනැගිල්ලෙන් ඉවත් කර එය වෙනුවට ඉරාක ධජයක් ආදේශ කළහ. ඉරාන කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදු නොවූ අතර පිටුපස දොරෙන් ගොඩනැගිල්ලෙන් පැන ගිය අතර බලධාරීන් නජාෆ්හි ඇඳිරි නීතිය පනවන ලදී. මෙම සිදුවීම ඔක්තෝබර් මස ආරම්භයේ සිට බැග්ඩෑඩ්හි සහ වැඩි වශයෙන් ෂියා දකුණු ඉරාකය පුරා පැතිරී ඇති පෙලපාලි වල තීව්‍රතාවයක්…
Read Moreමිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය ඉන්දියාවේදී!
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය දෙසැම්බර් මස ඉරිදා (1) දින ඉන්දියාවේ පිහිටි පූනේ කුමාඕන් කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කෙරෙන බව යුද්ධ හමුදාව පවසයි. සති දෙකක් පුරා පැවැත්වෙන මෙම යුධ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා සමාජිකයින් 120 ක් පමණ සහභාගී වන අතර එම අභ්‍යාසය සඳහා ඉන්දීය හමුදාවේ ජවාන්ස් කුමාඕන් රෙජිමේන්තුවේ (Jawans from Kumaon Regiment) සෙබළුන්ද 120 ක් පමණ සහභාගීවීමට නියමිතව ඇත. හත්වන වරටත් පැවැත්වෙන…
Read Moreපොලිසියට අලුතෙන් පොලිස් නිල සුනඛයින් 41 ක් එක් වේ.
ජාතික ආරක්ෂාවට, අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් විශේෂ පුහුණුව ලැබු පොලිස් නිල සුනඛයින් හතලිස් එක් දෙනෙකු ඉකුත්දා (25) පොලිස් සේවයට එක් වුහ. මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාශය වෙත පරිත්‍යාගශිලින්ගෙන් ලැබුණු සුනඛයින් 41 කු මාස දහයක කාලයක් පුරා විධිමත් පුහුණුව ලැබුහ. මේ අතර පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් නිල සුනඛ කොඨ්ශාය වෙත පරිත්‍යාග කරන ලද ලැබ්ඩෝර් වර්ගයේ සුනඛ පැටවුන් 07 කුද වේ. මෙම සුනඛයින් 41 ගෙන් 30 කු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සඳහාද, 05 කු අපරාධ සොයා ගැනීම සඳහාද සෙසු 05 නා මත්ද්‍රව්‍ය සොයා ගැනීම වෙනුවෙන්ද විශේෂයෙන් පුහුණුවක් ලබා දී…
Read More