රටට අහිතකර කොම්පෝස්ට් ආනයනයට ඉඩ නැහැ – කෘෂිකර් ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

compost pohora

මෙරට ජෛව විවිධත්වයට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථාව නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. මෙරටට ගෙනැවිත් ඇත්තේ කාබනික පොහොර සාම්පල කිහිපයක් මිස පොහොර තොගයක් නොවන බව මහනුවර ගන්නෝරුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කළේය. එම කාබනික පොහොර සාම්පල් පරීක්ෂා කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවත්  එම පොහොර කිසිසේත්ම මෙරට පසට මිශ්‍ර කිරීමක් සිදු නොවන බව ඒ මහතා ප්‍රකාශ කළේය. විදේශයන්ගෙන් ගෙන එන ඕනෑම ද්‍රව්‍යයක් වරාය සහ ගුවන් තොටුපොළෙහි පිහිටි ශාඛ නිරෝධායන ආයතනය මගින් නිසි පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව…

Read More

අනුරාධපුර නුවරගම රක්ෂිතයත් අනතුරක?

nuwaragama

අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව අවසර ලබාදීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවට පරිසර සංවිධාන රැසක සාමාජිකයන් රජයේ වග කිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. වර්ෂ 1924 සමයේ ගැසට් මගින් රක්ෂිතයක් බවට පත්කළ අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ (කොරකහවැව) හෙක්ටයාර් 0.8 භූමි ප්‍රමාණයක් මේ වනවිට මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් හා රියදුරු පුහුණු ආයතන රැසක හිමිකරුවන් එක්ව කපා එලිපෙහෙළි කරමින් සිටි. අනුරාධපුර පුත්තලම ඒ-12 ප්‍රධාන මාර්ගයේ පිහිටි භූමිය රක්ෂිතයක් ලෙස නම් කර තිබියදි විවිධ අවසර බලපත්‍රයක් ලබාදෙමින්…

Read More

ස්පුට්නික් ලබාගත් මහනුවර පදිංචිකරුවන් සඳහා රුසියාවෙන් දෙවන මාත්‍රාව

stputnic v

ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පදිංචිකරුවන්ට මෙම සතිය තුළදී එහි දෙවන මාත්‍රාව ලබා දෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ වෙනුවෙන් රුසියාවේ සිට මෙරටට ලැබුණු එක්ලක්ෂ විසිදහසක් වන එන්නත් මාත්‍රා තොගය ඊයේ (20) මහනුවරට ගෙන ආවේය. මහනුවර දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ හතළිස් නමදහස්අටසියයක පදිංචිකරුවන් සඳහා ස්පුට්නික් පළමු මාත්‍රාව හිමි වූ අතර එහි දෙවන මාත්‍රාව හිමිව ඇත්තේ තිස්දහසක පිරිසකටය. දෙවන මාත්‍රාව නොලැබුණු පිරිස් වෙනුවෙන් මෙම එන්නත් තොගය හිමිවූ අතර මෙම සතිය තුළදී එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ වෛද්‍ය පසන් ජයසිංහ මහතා පැවසීය. එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රමවත්…

Read More

ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

jayantha

ජයන්ත කැටගොඩ  මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා  ජයන්ත කැටගොඩ  මහතා පත් කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට  ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධූරයක  දිවුරුම් දීම වෙනුවෙන්  ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණු  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පසුගිය පූලි මාසයේදී ඉල්ලා අස් විය. කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදි…

Read More

හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දුන් විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

hand cup

පෞද්ගලික  ආරවුලක්  හේතුවෙන් හමුදා සෙබළුන්  දෙදෙනෙකුට පහරදුන්  බව කියන සිද්ධියකට  සම්බන්ධ  විශ්‍රාමික යුධහමුදා  සෙබලෙකු   අත් අඩංගුවට  ගැනිමට  ගිය පොලිස්  පරික්ෂක  වරයෙකුට ද පහරදීමට තැත්කළ  කිරිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම  ප්‍රදේශයේ  පදිංචි යුධ හමුදා  සෙබළුන්  දෙනෙකු ට පහරදිාමි සිද්ධියක් සම්බන්ධයෙන්  සැකකාර විශ්‍රාමික  යුධ හමුදා  සෙබලා අත් අඩංගුවට  ගැනිමට  බේරුවල  , පිංහේන ප්‍රදේශයට ගිය  පොලිස් පරික්ෂකවරයාගේ  රජකාරියට බාධාකරමින් ,පහරදීමට තැත්කර ඇතැයි පොලිසිය කියයි. පසුව පොලිස් පරික්ෂකවරයා  අලුත්ගම  පොලිස්  ස්ථානය දැනුවත්කර අමතර නිලධාරි කණ්ඩායමක් කැඳවා සැකකරු  අත් අඩංගුවට  ගෙන ඇත. පහරකෑමට ලක්ව ඇත්තේ වව්නියාව  හා මින්නේරිය  යුධ හමුදා  කඳවුරු වලට අනුයුක්තව…

Read More

පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් අත්අඩංගුවට ගත් සුලු ව්‍යාපාරිකයින් දෙදෙනාට ඇප නියම වේ!

portest

බාර් ඇරීමට විරෝධය පළ කරමින් කොටුවේදී විරෝධතා සිදු කරමින් සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුළු ව්‍යාපාරිකයන්  දෙදෙනකු අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20 ) නියෝග කර ඇත්තේ එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් හා අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා  හරින ලෙසයි. වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රට අගුලා ලා  තිබියදීත් මත්පැන් හල් විවෘත කර ඇති ආකාරයෙන්ම  තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන්නැයි බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට  දී එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමය විසින්…

Read More

ජනාධිපති දෙමළ ඩයස් පෝරාවට ආරාධනා කරයි!

gota

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ  ළබැඳියාව තවදුරත් තහවුරු කරමින්  සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බව“  ඔහු කියා සිටියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස්  19 වැනිදා හමුවූ අවස්ථාවේදීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  76 සැසි වාරයට සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති එම හමුවේදී  මහලේකම් ගුතරෙස් සමඟ පවසා පවසා ඇත්තේ “අතුරුදන් වූ පුද්ගලයන්…

Read More

ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයට අකුණක් වැදෙයි!

lankathilaka viharaya

පොලොන්නරුව ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයි ඉහළ බිත්තියට ඊයේ (19) අකුණක් පහත් වීම හේතුවෙන් එහි බිත්තියට හානි සිදු වි ඇතැයි පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි. පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ ලංකාතිලක පිළිම ගෙයට අයත් උස්වූ ගඩොල් බිත්තියට ඊයේ  (19) රාත්‍රියේ වැස්සත් සමග අකුණක් එල්ල වී ඇති බවයි. “ මේ අකුණ පහත් වෙලා තියෙන්නේ ලංකාතිලක විහාරයෙහි  බිත්තියේ මුදුණට.අනතුරේ තරම කොච්චර ද කියලා වෙනම පරික්ෂණයක් කරන්න ඕන.දැනට ඉහළ බිත්තියෙන් ඉපැරණි ගඩොල් කිහිපයක් කුඩු වෙලා පිළිමය අසලත් මලුවටත් පතිත වෙලා තියෙනවා.පිළිමයට වම් පසින් තමයි ඉහළ බිත්තියෙන් කොටසක් මේ විදිහට කැඩිලා…

Read More

පියා මිය ගියේ රෝහලෙන් දුන් එන්නත විෂ වීමෙන් – පුතෙකුගෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක්!

sri jayawardanapura

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණි පුද්ගලයකුට එම අවස්ථාවේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඩ් වෛරස ආසාදිතව ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීම සඳහා කෝවිඩ් ප්‍රතිකාර වාට්ටුවට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදෙමින් සසිටියදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් එන්නතක් විෂ  වීමෙන් රෝගීව සිටි පුද්ගලයා මිය ගියේ යැයි ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ පිළියන්දල, මාවිත්තර, ප්‍රදේශයේ පදිංචිව සිටී දෙදරු පියෙක් වන එන්.ජී.සී.කේ ගමගේ නැමැති (55) වැනි වියේ පසුවූ ව්‍යාපාරිකයෙක් වන බවත් පොලිසිය පවසයි. පොලිස්…

Read More

හැටන් වෙළඳසැල් වසයි!

hatton

කොවිඩ් වසංගතය හමුවේ රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් හැටන් නගරයේ බොහෝ වෙළද සැල් බාගේට විවෘත කරගෙන වෙලඳ  කටයුතු සිදු කරන අතර එම වෙලද සැල් වසා දැමිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරින් පියවර ගන්නා ලදි. නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ  හැටන් නගරයේ සමහර වෙලද සැල් මෙසේ විවෘත කර තැබිමට පියවර ගැනිමත් සමග හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පලිපාන මහතා ඇතුළු නිලධාරින් පිරිසක් නගරයට පැමින එසේ විවෘත කර තිබු සියලුම වෙලද සැල් වසා දමන ලෙසට අදාල ව්‍යාපාරිකයන්ට දැනුම් දෙන ලදි. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ…

Read More