කොරෝනා B 117 අමෙරිකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

එක්සත් රාජධානිය තුළින් හමුවූ කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට එක්සත් ජනපදයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බව නව පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ.

එම ප්‍රභේදය හේතුවෙන් අමෙරිකාව තුළ හමුවන නව කොරෝනා ආසාදිතයින් දින නවයක් වැනි කාලයකදී දෙගුණයක් වන බව ඉන් හෙළිවී ඇති බව පර්යේෂකයෝ පවසති.

එම නව ප්‍රභේදය B 1.1.7 ලෙස නම්කර ඇති අතර ඒ හේතුවෙන් ලොව පුරා එන්නත්කරණ වැඩසටහනට දැඩි බලපෑමක් ඇතිව තිබෙන බව දැක්වේ.

 

Related posts