දෙවැනි වරටත් හොඳම ව්‍යවසායිකාව වින්ධ්‍යා

මැණික් කපා ඔප දැමීමේ කලාවේ නව ඉසව් සොයා ගිය සීමාසහිත බ්‍රිලියන්ට් කට් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා මෙනෙවිය සබරගමු පළාතේ වසරේ හොඳම ව්‍යවසායකයා – 2020 සම්මාන උළෙලේදී සාම්ප්‍රදායික නොවන අංශයේ හොඳම ව්‍යවසායිකාවට හිමි රන් සම්මානය අඛණ්ඩව දෙවැනි වතාවටත් දිනා ගත්තාය.

ලාබාල වයසින්ම විශිෂ්ට කුසලතාවක් පෙන්වන වින්ධ්‍යා පෙරේරා තමාගේම මැණික් කැපීමේ සන්නාමයක් ලස්ටර් ඩිසයින්, නමින් අරඹා ඇත.

ඒ ඔස්සේ මෙරට තරුණ හා ආධුනික මැණික් කපන්නන්ට සිය කුසලතා ලොවට ප්‍රදර්ශනය කිරීමටත් ප්‍රවීණයන් ඇසුරේ නවතම මෝස්තර හා කැපුම් තාක්ෂණය හදෑරීමටත්, සිය දක්ෂතා හා කුසලතා ලොවට පෙන්වා ඇගයුමක් ලබා ගැනීිමටත් අවස්ථාව ලැබේ.

ඇය බ්‍රිලියන්ට් කට් සමාගම වෙනුවෙන් කරන කාර්යභාරයත්, කැපවීමත්, ඇයගේම සන්නාමය වන ලස්ටර් ඩිසයින් ඔස්සේ පෙන්වන නවමු කුසලතාවත්, දේශීය මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයේ ඉහළ ස්ථානයකට ඔසොවා තබන්නට දායක වනු ඇත.

නූතන යුගයේ සෑම කාන්තාවකටම ඉලක්ක හඹා යෑම පිණිස මහඟු ආදර්ශයක් වින්ධ්‍යා පෙරේරාගේ කැප වීමෙන් ගත හැකිය.

Related posts