දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා

දිවුලපිටියේ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවන් ඉදිරි පැය 72දී ලැබෙන නිසා එම කාලය තීරණාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්‍ෂණ ප‍්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත හැකි බවත් ඔහු පැවසීය.

ජනතාව සමාජයට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවන ලෙස ඉල්ලා සිටින හමුදාපතිවරයා අත්‍යවශ්‍ය නොවන කටයුතු නිවසින් බැහැර නොවන ලෙස ද ඉල්ලා සිටී.

සෑම විටම මුඛ ආවරණ පැලදීම මීටරයක දුර පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂක කටයුතු ක්‍රමවේද අනුව කටයුතු කටයුතු කරන්නැයිද ඔහු දන්වයි.

Related posts