2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවවරුන්ගේ භෝජනාගාරයේ දී පැවැත්විණි.

අද සිට ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වේ.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිත ය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.

මෙය මෙරට 75 වැනි අයවැය ප්‍රකාශයයි.

2021 අයවැය සම්පූර්ණ කතාව පහතින්

Budget 2021 sri lanka