බුරවි අනුරාධපුරයට බරපතල හානී නොකරයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රදේශයකට රට හරහා හමාගිය බුරවි සුලි කුණාටුව හේතුවෙන් බරපතල හානී සිදුවි නැති බවත් නිවාස වලට සුළුහානි හා ගස්කඩා වැටීම් විදුලිය විසන්ධිවීම් කිහිපයක් පමණක් වාර්ථාවි ඇති බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා ඊයේ (03දා)පැවසුවේය.

අනුරාධපුර කැබිතිගොල්ලෑව වාහල්කඩ හොරොව්පොතාන මැදවච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස අටකට පමණ සුළු හා සැලකිය යුතු අලාභ හානි සිදුවි ඇති බව මව්බිම ඊයේ (03දා) සිදුකළ සොයා බැලීම් වලදි තහවුරුවු අතර එම සිද්ධින් නිරික්ෂනය කිරීම සදහා අදාල ප්‍රදේශවල ප්‍රාදේශිය මහ ලේකම්වරුන් කටයුතු කර තිබුණි.

බුරවි සුලි කුණාටුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට බරපතල හානී සිදුවේ යැයි බොහෝ පිරිසක් බියෙන් සිටියත් කිසිදු තදබල සුළං තත්වයක් පෙරේදා (02දා) සවස සිට ඊයේ (03දා) දහවල් වනතුරු ඇති නොවීය.හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්ථාන දෙකක නිවාස දෙකකට සුළගින් සැලකියයුතු හානි සිදුව තිබේ.

හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් සෙන්තිල් රත්නවීරන් මහතා පැවසුවේ හොරොව්පොතාන මරදන්කඩවල 133 තුලානේ නිවසක සෙවිලි තහඩු දයක් පමණ කැඩි අලාභ හානි සිදුව තිබෙනා බවයි.ඊට අමතරව වඩිගවැව 126 තුලානේ නිවසක සෙවිලි තහඩු දහක් පමණ සුළග නිසා කැඩි විනාශවි ඇති බවත් ඒ මහතා පැවසුවේය.ඊට අමතරව ගස් කඩා වැටිම් කිහිපයක් වාර්ථාවුවත් ඉන් කිසිවෙකුට හානියක් සිදුව නැති බව ඒ මහතා පැවසුවේය.

වර් ෂාව සිදුවන අවස්ථාවේම නිවාස සෙවිලි ගැලවියාම නිසා එම නිවෙස්වල තිබු බඩු භාහිරාදියටත් අලාභ සිදුව ඇති බව වාර්ථාවු අතර එම ප්‍රදේශයටත් මිලිමීටර් අසූව ඉක්මවු තදවැසි ලැබි තිබේ.

කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයට මිලිමීටර් 90ක පමණ වර්ෂාපතනයක් පෙරේදා (02දා) සිට ඊයේ (03දා) අළුයම දක්වා ලැබි තිබේ.ඩී දෙක වාහල්කඩ ප්‍රදේශයට පෙරේදා (02දා) දිනයේ දැඩි සුළං තත්වයක් ඇතිවි තිබුණු අතර නිවාස තුනකට පමණ සුළු හානි සිදුව තිබෙනා බව ගම්වැසියන් පැවසූහ.

ගස් කඩා වැටීම් රැසක් වාර් ථාවි තිබු අතර පෙරේදා (02දා) සවස පහේ සිට උදෑසන දහය පමණ වනතුරුත් විදුලිය නොමැතිව පීඩාවිදි බව ගම්වැසියන් පැවසූහ.ඊට අමතරව මැදවච්චිය ප්‍රදේශයට සුළං තත්වය තදින් පැමිණ තිබු අතර ඇතාකඩ ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩාවැටිමෙන් හානි සිදුව ඇති බව වැඩබලන ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා පැවසු අතර පුද්ගලයෙකුට සුළු තුවාල සිදුවි ඇති බවත් අනාවරණය විය.

බුරවි සුළි සුළං තත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 23ට වෙනදාට වඩා වැඩි සුළං තත්වයක් තිබි ඇතත් විදුලිය විසන්ධිවීම් කිහිපයක් හැරෙන්නට වෙනත් කිසිදු බරපතල තත්වයක් ඇතිවි නොතිබුණි.සුළි සුළං තත්වයට පිළිබදව පූර් ව අනතුර ඇගවීම් නිසා පෙරේදා (02දා) රාත්‍රී හත පමණ වනවිට නගරයේ බොහොමයක් කඩ සාප්පු වසාදැමීම නිසා නගර පාළු ස්වරුපයක් ඉසිලීය.

විදුලි විසන්ධිවීම් සුළු නිවාස අලාභ හානි හා ගස් කපා ඉවත් කිරීම් ඇතුළු කටයුතු යුහුසුළුව සිදුකිරීමට ඊයේ (03දා) අදාල අංශ පියවර ගෙන තිබුණු අතර පෙරේදා (02දා) දිනයේ සිට ඊයේ (03දා) දක්වාම අහස වළාකුලින් බරව දැඩි සීතල කාළගුණ තත්වයක් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා පැවතුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts