මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට
රජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ.

ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම ඔවුන්ගේ මෘත දේහ කෝවිඩ් ආසාදිත බැවින් ඒවා ආදාහනය කළ යුතු බවට ඉදිරිපත් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් වරයා  දුන් තීන්දුව හමුවේය.

වෙඩි තබා ඝාතනය කරන ලද රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු අපරාධයට අදාළ ප්‍රධාන සාක්ෂි බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මීට ඉහතදී නිර්දේශ කර තිබුනේ වෝහාරික සහ පශ්චාත් මරණ පරීක්ෂණ හමාරවන තුරු සිරුරු විනාශ නොකරන ලෙසයි.

මෙම නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Related posts