තවමත් බස් රථ නීති මායිම් නොකරයි

bus lane

හැටන් ප්‍රදේශයේ ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල වැඩි පුර මගින් රැගෙන යාමත් සමග මෙම ප්‍රදේශවල කොවිඩ් වසංගතය ව්‍යාප්තවිමේ දැඩි අවදානමක් පවතින බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන්, මස්කෙළිය, බගවන්තලාව, ෆොඩයිස්, සාංචිමලේ, අප්කට්, වැලිඔය, වැනි වතු ආශ්‍රිත මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල මෙසේ මගින් වැඩි පුර රැගෙන යාම් බහුල වශයෙන් සිදු වන බවත්ය.

මේ වන විට මෙම ප්‍රදේශයේ වතු ආශ්‍රිත ප්‍රදේශ කිපයකම කොවිඩ් ආසාදිතයන් බහුලව හමුව ඇති බවත් එවන් තත්වයන් මත මෙම ප්‍රදේශවල සමහර බස් රථවල මෙසේ වැඩි පුර මගින් රැගෙන යාමෙන් මෙම ප්‍රදේශයේ කොවිඩ් වර්ධනය විමේ අවදානමක් පැවතිය හැකි බවත්ය.

කොවිඩ් වසංගතය හේතුවෙන් බස් ගාස්තු ඉහල දමමින් ආසන ගනනට මගින් රැගෙන යාමට අවශ්‍ය නිති පැනවිමක් සිදු කර තිබුනද එම නිති මායිම් නොකර සමහර බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මෙසේ වැඩි පුර මගින් රැගෙන යාම් පිලිබදව මධ්‍යම පලාත් මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරින්ගේ දැඩි අවදානය යොමු කල යුතු බවද ප්‍රදේශයේ ජනතාව තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts