imf

ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.

එම මුදල සොයාගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් දේශපාලන අර්බුදයකට ගමන් කරනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වූ දෙසැම්බර් කාල සීමාව ශ්‍රී ලංකාවට මඟ හැරීමට ඉඩ තිබෙන බවත් අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ මාර්තු මස තෙක් බොහෝ දුරට බලා සිටීමට සිදුවනු ඇති බවත් වොෂින්ටනයේ මුල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

Similar Posts