lanka gossip

වැඩි වු පාන් මිල  යළි  රුපියල් 05කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිගුපිටි මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ  සිට  පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කර තිබිණි. ඒ් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි.

නමුත් අද (21) උදෑසන  පිටි මිල අඩු කරන බවට තිරිගු පිටි සමාගම්වලින් ලද ලිඛිත දැනුම් දීමක් හේතුවෙන් එම තීරණය අත්හිටුවීමට පියවර ගත් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පාන් ගෙඩියක මිල මේ වන විට 60-65 ත් අතර වේ.

Similar Posts