සැමියා හා බිරිඳ එක් වී අනියම් සැමියා එලොව යවයි

තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ පුද්ගල මළසිරුරක් සීගිරිය නව නගරය ආසන්නයේ මාර්ගයක් ආසන්නයේ තිබී සීගිරිය පොලිසිය විසින් සොයා ගෙන ඇත.

මියගිය පුද්ගලයා මැල්සිරිපුර, අලූත්ගම, නෑබඩ පදිංචි තිදරු පියෙක් බවට පොලිසිය හඳුනාගෙන ඇත.

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිවිල් සේවකයකු හා ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් තියුණු ආයුධයක් සමග ඝාතනයේ වගකීම භාරගෙන   උදෑසන පොලිසියට භාරවී තිබේ.

මියගිය පුද්ගලයා හා සැකකාර කාන්තාව අතර දීර්ඝ කාලයක් අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මේ හේතුව නිසාම සිවිල් සේවකයා තම බිරිඳ හා දරුවන් දෙදෙනා සමග මීට දෙසතියකට පෙර සීගිරිය නව නගරය ආසන්නයේ කුලියට නිවසක් ගෙන පදිංචිව සිටියදී අනියම් සැමියා මැල්සිරිපුර ප‍්‍රදේශයේ සිට කුලී නිවෙසට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. සීගිරිය පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Related posts