අමෙරිකාවේදී සිදුකරන ලද සමාලෝචනයකින් පසු කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට හඳුනාගෙන තිබේ. කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නත ෆයිසර් සහ මෝඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි අතර එය ශිතකරණයක් තුළ ගබඩා කිරිමේ හැකියාව ද පවතින බව සඳහන් ය.
Read MoreCategory: එතෙර
නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයවන මුම්බායි නගරයට ද ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 75ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්‍රදේශයෙන් සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බටහිර දිග ප්‍රදේශයෙනි.
Read Moreජපානයෙන් විකෘති කොරෝනා ප්‍රභේදයක්
කොවිඩ් 19 වයිරසයේ විකෘති ප්‍රභේදයක් ජපානයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ජපානයේ සංක්‍රමණික මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් මෙම නව විකෘති ප්‍රභේදය හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පෙන්වා දෙයි. කාන්ටෝ පළාතෙන් මෙම නව ප්‍රභේදය ආසාදනය වූ 91 දෙනකු හමුවුණු බව විදෙස් වාර්තා සදහන් කරයි.
Read Moreපාකිස්තාන අගමැතිට ඉන්දීය ගුවන් අවකාශය පියාසර කිරීමට අවසර
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) පස්වරු 4.15ට මෙරටට පැමිණීමට නියමිතය. මෙම වසරේ මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන පාකිස්තානු අගමැතිවරයා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගැමති මහින්ද රාජපක්ෂ විසින් පිළිගැනීමට නියමිතය. මෙම පිළිගැනීමේ උත්සවය සඳහා කැබිනට් ඇමැතිවරුන් රැසක්ද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගි වනු ඇත.
Read Moreඅමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්
අමෙරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇතැම් රථවාහනවල පවා මේ වනවිට හිම මිදී ඇති බවයි. හිම කුණාටු තත්ත්වයෙන් ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර, ලුසියානා, කෙන්ටකි, මිසුරි යන ප්‍රාන්තවලටද මෙම තත්ත්වය බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreහැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට
හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර දැමූ අවස්ථාවේ එම තීරණය වෙනස් කිරීමට එකඟ වී තිබේ. 2020 මුල් භාගයේදී මේගන් සහ හැරී සිය ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් නිල වශයෙන් ඉවත් වූ අතර වත්මනෙහි කැලිෆෝනියාහි ජීවත් වේ. ඔවුහු මේ…
Read Moreනීතිවේදී යුවළක් ඝාතනය කරති
ඉන්දියාවේ තෙලගානා මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට ආපසු සිය මෝටර් රියට පැමිණි නීතිවේදී යුවලක් මැර පිරිසක් විසින් කපා කොට මරා දමා ඇත. වර්මාරාවෝ සහ නාගමනි නමැති මෙම නීතිවේදී යුවල මෙලෙස ඝාතනය වී තිබේ. මෙම ඝාතනය සිදු කර ඇත්තේ තෙලගානා රාෂ්ටි්රය සමිති සංවිධානයට සම්බන්ධ මැරයන් බව වාර්තා වී ඇත.
Read Moreදකුණු අප්‍රිකාවේ කොරෝනා නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයට
දකුණු අප්‍රිකාවෙන් හමු වූ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත කොරෝනා වයිරස් ප්‍රභේදය එක්සත් රාජධානියෙන් හමුවී තිබේ. එංගලන්තයෙන් ආසාදිතයන් 36 දෙනකු සහ වේල්සයෙන් ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් රාජධානිය තුළ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 147 දෙනකු බව වාර්තා වේ. B.1.525 නමැති මෙම වයිරස් ප්‍රභේදය හමුවූ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි. එසේ වන්නේ එම වයිරස් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයිනි.
Read Moreවසර 5,000 ක් පැරණි බියර් නිෂ්පාදනාගාරයක්
වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය සදහන් කරයි. පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි. බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read MoreB.1.525 තවත් වෛරස ප්‍රභේදයක් හමුවේ
කොවිඩ් වෛරස විකෘතියක් වියහැකි තවත් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගත් බව එඩින්බ්රරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසයි. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයට සමානකම් දක්වන බව සඳහන් වේ. එම නව ප්‍රභේදය එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read More